බංග්ලාදේශයෙන් අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ලංකාවට

Date:

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 2.2 ක ඖෂධ තොගයක් මෙරටට පරිත්‍යාග කිරීම අද (31) සෞඛ්‍ය අමාත්‍යංශයේදී බංග්ලාදේශ මහකොමසාරිස් තරීක් එම්.ඩී.අරිෆුල් ස්ලාම් මහතා අතින් සිදුවිය.

අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය හා ජල ජලසම්පාදන අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා  හමුවී මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.

මෙහිදී ප්‍රතිජීවක ඖෂධ,පිළිකා ,අධිරුධිර පීඩන,වෛරස අපස්මාර ඇදුම ඇතුළු රෝග රැසක් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීම සිදුවිය.විවිධ රෝග සඳහා අත්‍යවශය ඖෂධ වර්ග 79 ක් මෙහිදී පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා-ශ්‍රී ලංකාවේ පවතින වත්මන් තත්වය තුළ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා සහයෝගය ලබාදීමට හැකිවීම ගැන අතිශය සතුටු වන බව පැවසීය.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඈත අතීතයේ සිට ඉතා සමීප සබඳතාවයක් මෙන්ම දැඩි මිත්‍රත්වයක් පවතින බවත් කලාපීය රටක් ලෙස ශ්‍රී ලංකාවේ මිත්‍රත්වයට බංගලදේශය හා එහි ජනතාව ඉහළ මිත්‍රශීලීත්වයකින් කටයුතු කරන බවත් මහ කොමසාරිස්වරයා මෙහිදී කීය.

ඖෂධ තොගය නිල වශයෙන් බාර ගනිමින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදහස් දක්වමින්-රටවල් දෙක අතර පවතින සමීප සබඳතාවය සේම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළද වැනි ඉහළ සබඳතාවයක් ඉතා වැදගත් බැව්  පැවසීය.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර වෛද්‍යවරුන්ගේ සිට අනෙකුත් කාර්යමණ්ඩල දක්වා හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වඩාත් වැදගත් යැයිද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියේ දීද දෙරට අතර  එවැනි හුවමාරු වැඩපිළිවෙලක් මෙන්ම දැඩි සබඳතාවක් දෙරටහිම සෞඛ්‍ය ක්ෂේත්‍ර වලට වඩාත් වැදගත් වන බව  අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මාධ්‍ය ඒකකය

සෞඛ්‍ය අමාත්‍යාංශය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ ලේකම්...

අභියාචනාධිකරණ සභාපති ධුරය : රොහාන්තට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ...

කෙහෙළිය, බිරිද සහ දියණිය අත්අඩංගුවට!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියව...

කොළොන්නාව සභාවේ මාලිමාවට සහය දැක්වූ සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ සභාපති සහ උප සභාපති පත්කිරීමේදී...