චෙම්මනි ඛේදවාචකය: මිනිස් සිරුරු100 ඉක්මවයි, ස්ථානීය ආරක්ෂාවත් දැඩි කරයි! (PHOTOS)

Date:

කොළඹ LNW: යාපනය,චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි කොටස් සොයාගත් ස්ථානයේ කැණීම්වල දෙවන අදියරේ 21 වැනි දිනය,එනම් අද (26) දිනය වන විට මිනිස් සිරුරු 101 ක් අස්ථි හඳුනා ගෙන තිබේ.

පළමු අදියර සහ දෙවන අදියර ලෙස මේ වන විට දින 30ක කාලයක් කැණීම් සිදුකර ඇත.

එම ස්ථානය තවත් තවත් කැණීමක් ආරම්භ කිරීම සඳහා වන ස්කෑන් පරීක්ෂාවට අදාළ නියෝගය තවමත් ලැබී නැති අතර එම නියෝගය එළඹෙන සඳුදා දිනය වන විට ලැබෙනු ඇතැයි එම කැණීම් කටයුතු සඳහා සම්බන්ධ වී සිටින පිරිස් අපේක්ෂා කරයි.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත එම කැණීම් කටයුතු සිදුවන අතර හමු වූ අස්ථි කොටස් සහ භාණ්ඩ අංකනය කොට වර්ගීකරණය කිරීමේ කටයුතු යාපනය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා පිරනවන් මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙයි. ඒවා යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා හා මානව විද්‍යා දෙපාර්තමේන්තුවේ ගබඩා කර ආරක්ෂා කිරීමට කටයුතු කර සලස්වා තිබේ.

මේ අතර එම භූමියට CCTV ආරක්ෂාවද දැඩි කර කර ඇත.

මේ අතර සුසාන භූමී කමිටුවේ තිදෙනකුට කැණීම් ස්ථානයට යාමට අවසර දී තිබුන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුවත් කිරීම මත එය එක් පුද්ගලයෙකුට සීමා කිරීමටද කටයුතු කර තිබේ.

හෙට දිනයේදීත් මෙම කැණීම් සිදුකිරීමට නියමිතයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සටන් විරාමයකට එකඟ වන්න: තායිලන්ත සහ කාම්බෝජ රජයන්ට ට්‍රම්ප්ගෙන් රතු එළි!

රෂිකා හෙන්නායක ජූලි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්ත -...

හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි!

රෂිකා හෙන්නායක ජූලි 27 කොළඹ LNW : ශ්‍රී ලංකා...

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගෙන් ඉල්ලීමක්!

ශ්‍රී ලංකාව ඓතිහාසික වශයෙන් දායදය ලත් ථේරවාද බෞද්ධ...