*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

හාර්ඩික් පාණ්ඩයාට අයිපීඑල් කුසලානයට වඩා විශාල ආදරයක් දුන් හිමන්සු පාණ්ඩයා

ඉන්දියාව මෙවර අයිපීඑල් අවසන් කරන්නෙ අලුත් සූරයෙක්ට ඉඩ හසර විවර කරමින්.පළමු වරට කණ්ඩායමක් විදිහට අයිපීඑල් එක්ක පෑහුණ ගුජරාට් ටයිටන් මෙවර සූරතාවය දිනා ගන්නවා.ඒ එක්කම දඟකාර දඩබ්බරයෙක් හැටියට පෙණුමෙන් කියවගෙන හිටිය හාර්ඩික් පාන්ඩයා සැළසුම් සහගත නායකයෙක් විදිහට අංශක 360 ට කරකවලා අරගෙන වෙනම තැනක ස්ථාපිත කරනවා.

හාර්ඩික් පාන්ඩයා කොයි වෙලාවකවත් හොඳ නායකයෙක් විදිහට විශාල අවධානයක් දිනාගෙන තිබුණෙ නැහැ.ගුජරාට් කණ්ඩායම ඒ තීරණය ගන්නෙ සමහර විට හාර්ඩික් ගුජරාටයේ එකෙක් වීම නිසා වෙන්න පුළුවන්.එසේම වැඩිම වරක් අයිපීඑල් සූරයන් වූ මුම්බායි ඉන්දියන් කණ්ඩායමට හාර්ඩික් පාන්ඩයා ඒ සෑම අවස්ථාවකම වගේ ලබා දුන් සහය සහ ශක්තිය වෙන්නත් පුළුවන්.හාර්ඩික්ගෙ දඩබ්බර පෙණුම හැඩය වෙනස් කරන්නට සමහර විට මහේල ජයවර්ධන විසින් කරන ලද විනය ස්ථාපිත කිරීමේ වැඩෙත් හාර්ඩික්ගෙ වෙනසට බලපාන්න ඇති.

නමුත් හාර්ඩික්ව මෙතැනට ගේන්න හීන මවපු ලොකුම හිතේ සිතුවිලි ගැලීම මිට අවුරුද්දකට ඉස්සර නැවතිලා.ඒ හාර්ඩික් පාන්ඩයාගේ පියා වන හිමන්සු පාන්ඩයා.ඔහු ජීවතුන් අතර නැතත් ඔහු තමන් තුළ තදින්ම රඳවගෙන ඉන්න හාර්ඩික් වගේම ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන ඉන්දීය කණ්ඩායමේ තවත් දක්ෂයෙක් වන කෘනල් පාණ්ඩයත් කටයුතු කරනවා.පියා මිය ගියාට පස්සෙ ඔවුන් දෙන්නම සිය නමට හිමන්සු කියන වචනයත් එකතු කරගෙන ඉන්නෙ.

හිමන්සු කියන්නෙ කෘනල් සහ හාර්ඩික් පාණ්ඩයාගේ තාත්තාගෙ නම.හිමන්සු පාණ්ඩයාට සහ නලිනි පාණ්ඩයාට හම්බ වෙන පුතාලා දෙන්නම ක්‍රිකට් ක්‍රීඩකයො කරන්න හිමන්සු පාණ්ඩයාට තිබුණෙ ලොකු උනන්දුවක්.එයා පුංචි කාර් බිස්නස් එකක් කරා කියලා කියන අතරෙම,ඔවුන්ගේ ඉතිහාසය ගැන කියවෙන්නෙ සෑහෙන ගැටළුවලට මුහුණ දුන්න බවයි.එහෙමනම් ඔහු කරන්න ඇත්තෙ පොඩි ලාභයකට වාහන ගෙන විකිණීම හෝ අතරමැදියෙක් ලෙස කටයුතු කිරීම වෙන්න ඕනි.නමුත් මේ සියලු ආර්ථික ගැටළු හමුවේ හිමන්සුගේ මනස වැඩ කරේ පුතාල ක්‍රිකට් ක්‍රීඩකයො කිරීමේ අදහස සමඟයි.

මේ නිසා සියලු පීඩා දරාගෙන නොපෙනෙන ආලෝකයකට පවුල ඇඳගෙන යන්න හිමන්සු අඩිය තියන්නෙ කළුවරට.ඔහු හිත ධෛර්යය කරගෙන හිටියා අඳුර ඉක්මණින් ගෙවා ගෙන ආලෝකය මුණ ගැහෙන්න.ඒ නිසා හාර්ඩික්ට අවුරුදු පහක් පිරෙද්දි හිමන්සු තීරණය කරනවා ගුජරාටයෙ තමන් ජීවත් වූ සුරත්වලින් නික්මෙන්න.ඒ නික්මීම හමාර වෙන්නෙ වඩොදරාවලින්.එහි තිබුණ කිරාන් මොරේගේ ක්‍රිකට් ඇකඩමියට හාර්ඩික්ව සහ කෘනාල්ව ඇතුළත් කරන්න හිමන්සු පියවර ගන්නවා.

ඉන්දියාව බිහි කළ සුපිරි කඩුලු රකින්නෙක් මෙන්ම කළක් ඉන්දීය කණ්ඩායමේ උප නායකයාද වූ ඔහු පසුව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.ඉන්දිය ක්‍රිකට් කේෂ්ත්‍රයේ දැවන්තයෙක් වූ මෝරේ, 1997 දී අරඹන ඇලෙම්බික් ක්‍රිකට් ඇකඩමියේ දී ජිවිතයේ බහ තෝරද්දීම ක්‍රිකට් බස ද තෝරා ගැනීමේ අභ්‍යාසය පාණ්ඩයා පුතුන් විසින් ආරම්භ කරනවා.ඔවුන් සිය දක්ෂතා දවසින් දවස මුවහත් කර ගනිමින් ජාතික කණ්ඩායම දක්වා පියවරෙන් පියවර පා තබන විට හිමන්සු දරුවන් දෙදෙනාගේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව බබලන්නට ක්‍රීඩාව පමණක් මදි බව තේරුම් ගන්නවා.ඒ නිසාම ඔහු දෙදෙනාට අවශ්‍යය ජාත්‍යන්තර භාෂා දැණුම ලබා දෙන්නත් වැඩ පිළිවෙලක් හඳනවා.

ඒ ගමනෙ හාර්ඩික් සහ කෘනල් දෙන්න ඉන්දීය ධජය යටතෙ ක්‍රීඩා කරන හැටි ඔහු බලා හිටියෙ බොහොමආදරෙන්.හාර්ඩික් වගේම කෘනල් ද පවුලට දැඩිව ලෙන්ගතුව සිටියා.විශේෂයෙන්ම තාත්තා තමන් වෙනුවෙන් දැකපු හීනය යථාර්ථයක් කරන්න දැරුව වෙහෙස ඔවුන්ට වැඩෙන්න වැඩෙන්න තදින් දැනෙන්න වුණා.ඔවුන් ලෝක පූජිත ක්‍රීඩකයො වීරයො හැටියට අනුගමනය කරත් ඔවුන් ලෝකය අගයන්නේ තමන්ගෙ තාත්තා කරපු කැපවීමේ සහ පරිත්‍යාගයන් හී පළයක් ලෙස ඔවුන් ට තේරුණා.

එසේම තමන්ගේ සිහිනය සැබෑ කර තාත්තාගේ කැපකිරීමට පෙරළා කුමන උපකාරයක් කළද එය පුරවන්න මදි බව පුතුන් තේරුම් ගත්තා.ඒත් වඩාත් යහපත් භෞතික ජීවිතයක් සමීප කිරීමට ඔවුන් සියලු උත්සාහයන ගත්තා.සුඛෝපභෝගී නිවාස,ආහාර පාන වගේම යාන වාහනද හිමන්සුගේ දෙපතුළ ළඟට පැමිණියා.එහෙත් හිමන්සු ඒ සියල්ලට වඩා තමන්ගේ බලාපොරොත්තුව වඩාත් හොඳින් සාක්ෂාත් කර හාර්ඩික්ට සහ ඇයබෙිරිඳ සර්බියා ජාතික සිනමා නර්ථනයේ සුවිශේෂී සර්බියානු ජාතික නටාෂා ස්ටැන්කොවික් උපන් අගස්තිනම් පුංචි මුණුපරාගේ උණුසුමට වැඩිම වටිනාකම විදිහට හිතුවා.දවසේ වැඩිම කාලයක් පුංචි අගස්ති සමඟ විසීම හිමන්සුගේ සතුට වුණා.නමුත් ඔහු 2021 ජනවාරි 16 වන දා හෘදයාබාධයකින් සදහටම නිහඩ වුණා.

එහෙත් ඔහු නිහඬ වෙන්නෙ බොහොම තෘප්තිමත් මනුස්සෙක් හැටියට.ඉන්දියානුවෙකුට ඉන්දියාව නියෝජනය කිරීම ජීවිතයේ ඉහළම භාග්‍යයක්.ඔවුන් දේශයට බොහොම ලැදි ජාතියක්.එවැනි තත්ත්වයක තමන්ගේ ලෙයින් උපන් පුතුන් දෙදෙනාම ඉන්දියානු ධජය යටතේ රටට ක්‍රීඩා කරනවා පමණක් නොව රට වෙනුවෙන් කරපු කැපවීමට ඇගයීම් ලබන්නත් හිමන්සු වාසනාවන්ත වුණා.

ඒත් ඔහුට තමන් උපන්න ප්‍රදේශයට ඉන්දියාවෙ පමණක් නොවේ,ලෝකයේම ක්‍රිකට් සද්ධන්තයො බිම දමලා අයිපීඑල් අරගෙන එන්න ගුජරාට් ටයිටන් කණ්ඩායමට තමන්ගෙ පුතා නායකත්වය දෙන හැටිත් දකින්න තිබුණනම් ඔහු වඩාත් සතුටු වෙයි.කොහොම නමුත් මේ පියාගේ කැපවීමට විශාල සාධාරණයක් ඉටු කරපු පුතුන් දෙදෙනෙක් හැටියට හාර්ඩික් සහ කෘනාල් හඳුන්වන්න පුළුවන්.ඒ වගේම ඒ කැපවීම බිඳුවක් හෝ නො’හිරවා තම පියාගේ හදවතේ උච්චම සතුට මත අතුරන්න පුරවන්න මේ පුතුන් දෙදෙනා සමත් වෙලා තියෙනවා.ඒත් ඒ දෙන්න ගැන කතා කරන බොහෝ දෙනෙක්ට හිමන්සු කියන ආදරණිය පියාගෙ නම අමතක වෙන නිසාම ඔහු ගැන මතක් කරන්න නිමිත්තක් කතා කරන අයට දෙන්න මේ වෙනකොට පුතාලා දෙන්නත් හිමන්සු වෙලා.

කෘනාල් හිමන්සු පාණ්ඩයා
හාර්ඩික් හිමන්සු පාණ්ඩයා
ආදරණිය පුතුන් දෙදෙනෙක්ගේ සහ පියෙක්ගෙ ආදරය දිහා බලාගෙන මවක් සහ බිරිඳක් හැටියට ඇයටත් සියලුම සතුට දෙපතළට ලැබෙන හැටි විඳගෙන මේ මොහොතෙත් නාලිනි පාණඩයා කොච්චර සතුටු වෙනවා ඇද්ද?ඇයත් ඇත්තටම මේ ලෝකේ සතුටුම අම්මා කෙනෙක්,බිරින්දෑ කෙනෙක්.ගෘහණියක ලෙස බොහෝ දේ පුතුන් වෙනුවෙන් කළමණාකරනය කරමින් පුතුන් සහ සැමියා වෙනුවෙන් කැපවීම් කළ සුන්දරම ගැහැණියක්.ඇයට කෙතරම් විසල් මාළිඟාවක් අද සැප ලැබුණත් ඇය නැතිම මොහොතවල් දරුවන්ට දැනෙන්න නොදී,සැමියාට රිදෙන්න නොදී රසවත් කරපු ගැහැණියක්.ඒක මහ මැඳුරු සිය දහස් ගණනකින් වසන්නට බැරි විසල බවක්.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan