දුම්රිය රියදුරන් දින දෙකක සංකේත වැඩවර්ජනයකට සැරසෙයි!

Date:

කොළඹ LNW:දුම්රිය රියදුරන් මුහුණ දී සිටින පරිපාලන ගැටළු සහ ආරක්‍ෂිත දුම්රිය ධාවනයක් සඳහා වන යටිතල පහසුකම් සැලසීමට අදාළ ගැටළුවලට සාධනීය විසඳුම් නොලැබීම හේතුවෙන් එළඹෙන 30 සහ 31 යන දෙදින තුළ පැය 48ක සංකේත වැඩවර්ජනයක් සිදුකිරීමට දුම්රිය රියදුරන්ගේ ලොකමෝටිව් ඔපරේටින්ග් ඉංජිනේරු සංගමය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් අද (28) ලොකමෝටිව් ඔපරේටින්ග් ඉංජිනියර්ස් යුනියන් හි ප්‍රධාන උප සභාපති කේ.යූ. කොන්තසිංහ මහතා පැවසුවේ දුම්රිය රියදුරු බඳවා ගැනීමේ සිට උසස් වීම්වලට අදාළව ශ්‍රේණි පරිපාලන ගැටළුවලට සහ දුම්රිය ධාවනයට අදාළ යටිතල පහසුකම් සැලසීම පිළිබද තීරණාත්මක සාකච්ජාවක් හෝ සතුටුදායක තීරණ ගැනීමක් අද සහ හෙට යන දෙදින තුළ ප්‍රවාහන අමාත්‍යාංශය හා දුම්රිය දෙපාර්තමේන්තුව ලෙස නොගත හොත් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

තම වෘත්තියට අදාළ පරිපාලන ගැටළු සහ ආරක්‍ෂිත දුම්රිය සේවයක් ලබා දීම වෙනුවෙන් යටිතල පහසුකම් සැලසීමට අදාළව සාකච්ජා වට ගණනාවක් අමාත්‍යාංශ බලධාරීන් සහ දෙපාර්තමේන්තු බලධාරීන් සමඟ සිදුකළද ඒවාට මෙතෙක් සාධනීය විසඳුමක් නොලැබුණු බවයි කොන්තසිංහ මහතා සඳහන් කළේ.

මේ හේතුවෙන් දුම්රිය රියදුරන් අසාධාරණයට මෙන්ම කණගාටුවට පත්ව සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

දුම්රිය රියදුරන් ලෙස සිය රජාකාරිය හමුවේ මතුව තිබෙන ගැටළු විසඳා ගැනීමට මීට පෙර කාල රාමු පවා සකස් කර තිබුණද අමාත්‍යාංශය පාර්ශවයෙන් ඒවා ඉටුවනවාද නැද්ද යන්න අධික්ෂණයක් හෝ සිදුනොවන බව ඔහු තවදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...