එක්සත් ජනපද තීරු බදු සන්තෑසියෙන් තේ, රබර් කර්මාන්තයට අත්වන ඉරණම!

සටහන – පුලී

ජූලි 28, කොළඹ (LNW):  අගෝස්තු 1 වනදා සිට එක්සත් ජනපදය රටේ තේ සහ රබර් අපනයන සඳහා 30% ක දැඩි තීරුබදු පැනවීමට සූදානම් වන අතර ශ්‍රී ලංකාවේ වැවිලි අංශය මේ කාරණාව සම්බන්ධයෙන් දැඩි පසුබෑමකට මුහුණ දී සිටී.

මෙම තීරණය රටේ තීරණාත්මක කර්මාන්ත දෙකකක් වන තේ සහ රබර් කර්මාන්තයන්ට විශාල පහරක් වනු ඇත.

තීරු බදු පැනවීම මඟින් විශේෂයෙන් ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය සහ වර්ධනය වන ගමනාන්තයක් වන ඇමරිකා එක්සත් ජනපදයේ, වසර ගණනාවක් තිස්සේ පැවති වෙළඳපල ගොඩනැගීම කෙරෙහි තර්ජනාත්මක බලපෑමක් අත් විඳීමට සිදුවනු ඇත.

තීරු බදු බලපෑම ග්‍රාමීය ප්‍රජාවන් පුරා පැතිර යා හැකි අතර එමඟින් ආයෝජකයින්ගේ විශ්වාසය තවදුරටත් අඩපණ කළ හැකි බවට කර්මාන්තයේ අදාල බලධාරීහු අනතුරු අඟවති.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) සිය බරපතල කනස්සල්ල පළ කර ඇති අතර, වහාම රජයේ මැදිහත්වීමක් ද ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...