තිස්සකුට්ටිආරච්චි කොන්දේසි විරහිතව ජනපති අනුරගෙන් සමාව ගනී!

Date:

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෝල්ටා රාජ්‍යයේ මුදල් ආයෝජනය කර ඇති බවට කළ ප්‍රකාශය කරුණු තහවුරු කිරීමකින් තොරව සිදුකළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද (29) කොළඹ දිසා අධිකරණයේ දී පිළිගෙන තිබේ.

තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන 10ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායක මහතා ගොණුකර තිබූ නඩුව අද (29) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එම අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි තිස්ස කුට්ටිආරච්චි මහතා සිය නීතිඥයින් මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදුකර ඇත.

අදාළ ප්‍රකාශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හානියක් සිදුව ඇත්නම් තමන් කොන්දේසි විරහිතව කණගාටුව ප්‍රකාශ කරන බවයි තිස්ස කුට්ටිආරච්චි මහතා අධිකරණයට දැනුම් දී තිබුණේ.

ඒ අනුව අදාළ නඩු නිමිත්ත තවදුරටත් පවත්වාගෙන නොයන බවට දෙපාර්ශ්වයම අධිකරණයට දැනුම් දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...