Tasty Tuesday: Pasta ඩිෂ් එකක් හොය හොය හිටිය අයට! Creamy Garlic Parmesan Pasta!

Date:

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන, රෙසිපීස් හැඳෙන හැටි, රෙස්ටුරන්ට් රිවීව්ස්, වයිරල් යන ඩිෂස්, මෙන්ම සංස්කෘතික ආහාර රටාවන් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. රැඳී සිටින්න අප සමඟ!

සටහන – පුලී

ජූලි 29, කොළඹ (LNW): නිවසේදීම සාදා ගත හැකි පහසු, රසවත් සහ සැනසිලිදායක වට්ටෝරු සඳහා ඔබේ සතිපතා නැවතුම “Tasty Tuesday” මේ සතියේ, ක්‍රීමි, සුදුළූණු සහ චීස් රසයෙන් අනූන පාස්තා රෙසිපියකින් ඔබ හමුවට!  

Creamy Garlic Parmesan Pasta රසවත් සහ සරල අමුද්‍රව්‍යවල පරිපූර්ණ මිශ්‍රණයක් වන අතර එය විනාඩි 30 කට අඩු කාලයකින් සූදානම් කර ගත හැකි වේ. සෝලෝ බෝල් එකක් වේවා, කැන්ඩ්ල් ලයිට් ඩිනර් එකක් වේවා, පවුලේ රාත්‍රී භෝජන සංග්‍රහයක් වේවා, මෙම ඩිෂ් එක පංකාදු පහකි.

Creamy Garlic Parmesan Pasta (අවශ්‍ය ද්‍රව්‍ය)

මෙම ආහාරය සැකසීමට ඔබට අවශ්‍ය අමුද්‍රව්‍ය ලැයිස්තුව මෙන්න:

• පාස්තා ග්‍රෑම් 200 (පෙනී, ස්පැගටි හෝ ඕනෑම පාස්තා වර්ගයක්)

• සුදුළූණු, ලූණු (අඹරාගත්)

• බටර් මේස හැඳි 2

• ඔලිව් තෙල් මේස හැඳි 1

• හෙවි ක්‍රීම් කෝප්ප 1

• නැවුම්ව ගාන ලද පාර්මසන් චීස් කෝප්ප 1

• රස අනුව ලුණු සහ ගම්මිරිස්

• පාර්ස්ලි

සකසා ගන්නා ආකාරය;

1. ලුණු දැමූ වතුර භාජනයකට පැස්ටා එකතු කර (සාමාන්‍යයෙන් මිනිත්තු 8-10 පමණ) තෙක් තම්බා ගන්න. පාස්තා වතුර කෝප්ප ½ක් වෙන් කර, පසුව ඉවතට ගෙන තම්බාගත් පාස්තා ටික පසෙකින් තබන්න.

2. පෑන් එකක, ඔලිව් තෙල් සමඟ බටර් දමා අඹරන ලද සුදුළූණු එකතු කර සුවඳ එනතුරු විනාඩි 1-2ක් පමණ බැදගන්න. 

3. පාස්තා සෝස් එක සඳහා;  හෙවි ක්‍රීම් එක් කර කලවම් කරන්න. පසුව පාර්මසාන් චීස් එකතු කරන්න, සෝස් එක පදමට උණු වී ඝන වීමට ක්‍රමානුකූලව කලවම් කරන්න. රස අනුව ලුණු සහ ගම්මිරිස් එකතු කරන්න.

4. ඔබ පිසගත් පාස්තා ටික සෝස් වලට එකතු කරන්න. හොඳින් කලවම් කරමින් වෙන් කර ගත් පාස්තා වතුර ස්වල්පයක් එක් කරමින් නැවත කලවම් කරන්න.

5. අවසානයේ, ඔබ සැකසූ පාස්තා ඩිෂ් එක උඩින් පාර්ස්ලි සහ අමතර පාර්මසාන් චීස් ස්වල්පයක් දමා උණුසුම්ව පිළිගන්වන්න!

ඉක්මනින් පහසුවෙන් ඕනෑම අවස්ථාවකට උචිත මෙම Creamy Garlic Parmesan Pasta රෙසිපිය ලොකු කුඩා කාගේත් රස නහර පිනා යන කෑමකි. තව කෙනෙක්ට බලන්න Share කරන්න. ඔබ සකස් කළහොත් එහි පින්තූර අපගේ Facebook ගිණුමෙහි මෙම පෝස්ටුවට යටින් Comment කරන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීම නතර කිරීමේ සැළසුමක් Economy Next හෙළි කරයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 15, කොළඹ LNW: ඉලෙක්ට්‍රික් වාහන මෙරටට ගෙන්වීම අවම කිරීම...

තොටිල්ල පදවන අතට ක්‍රිකට් තරග තීරණවල වැඩි බලයක් – ලංකාවෙන් මිෂෙල් සහ නිමාලි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 15, කොළඹ LNW: ඉතිහාසයේ පළමු වතාවට අන්තර්ජාතික ක්‍රිකට් සභාව...

සුපිරි නිවාස චෝදනාවට ඇමති වටගලගෙන් පිළිතුරු. CIDයටත් පැමිණීල්ලක් !

තමන් කොළඹින් අධි සුඛෝපභෝගී නිවසක් මෑතකදී මිලට ගෙන ඇති...

රට නැවත ගොඩ නැගීම සඳහා සන්සුන්ව එක්වන ලෙස නේපාලයේ නව අගමැතිනිය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ නව...