රන් ආලේපිත ගිනි අවියේ නඩුවෙන් දුමින්ද මුදා හරියි!

Date:

කොළඹ LNW:රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එම නඩුවෙන් මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, එම නඩුව අද (29) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

එලෙස හිටපු අමාත්‍යවරයා මුදා හැර ඇත්තේ මෙම නඩුවට අදාළව සෘජු හා පරිවේශණීය සාක්ෂි නොමැති වීම හේතුවෙනි.

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පසුගිය මැයි මස 23 වැනි දින අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

අනතුරුව පසුගිය 14 වැනි දින ඇප කොන්දේසි මත නිදහස් කරනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර වලට හිස්බුල්ලා ප්‍රතිප්‍රහාර එල්ල කරයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය සහ හිස්බුල්ලා...

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම පිළිබඳ සාකච්ඡාවක්

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු...