පොලිස් පන්දුව සහ සීසීසී පිත්ත අතර අවසාන තරගය අද

Date:

සටහන – නිශ්මං රණසිංහ 

ජූලි 30, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජ සහභාගි වූ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගය අද පැවත්වෙනවා.කොළඹ සීසීසී ක්‍රිඩාංගණයේදී පැවත්වෙන මෙම තරගයේදී අවසාන තරගයට පොලිස් ක්‍රීඩා සමාජය සහ සීසීසී ක්‍රීඩා සමාජය මුහුණ දෙනවා.

අවසාන පූර්ව තරගයේදී පන්දුවෙන් දස්කම් දක්වමින් පොලිස් ක්‍රීඩා සමාජය කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අභිබවා අවසන් තරගයට සුදුසුකම් ලබා ගනු ලැබුවා.සීසීසී ක්‍රීඩා සමාජය අවසාන පූර්ව තරගය ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට එරෙහිව ජය ගත්තේ පිතිකරණයේදී දැක් වූ සුවිශේෂතාවන් පදනම් කර ගෙනයි.ඒ අනුව අද අවසන් තරගය පන්දුවෙන් වැඩි දස්කම් දක්වන කණ්ඩායමක් සහ පිත්තෙන් වැඩි දස්කම් දක්වන කණ්ඩායමක් අතර පැවත්වෙන තරගයක් වනු ඇති.

කණ්ඩායම් දෙකේ ක්‍රීඩක සංයුතිය සළකා බලද්දී සීසීසී ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකාව නියෝජනය කළ සහ ජාතික සංචිතයට සුදුසුකම් ලබා ඇති බහුතරයක් නියෝජනය කරන කණ්ඩායමක් ලෙස දැකිය හැකියි.එහෙත් පොලිස් ක්‍රීඩා සමාජයට එවැනි සංයුතියක් නැතත් මෙම තරගාවලිය පුරාම දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් දැකිය හැකි අතර කුසල් ජනිත් පෙරේරා,අශේන් බණ්ඩාර,විශාද් රන්දික වැනි ක්‍රීඩකයින් පිතිකරණයේදී සාර්ථක වුවහොත් මේ තරගාවලිය පුරාම පොලිස් පන්දු යවන්නන් දක්වා ඇති දස්කම්වලට අනුව සීසීසී ක්‍රීඩා සමාජයට පහසු වන්නේ නැහැ.

එහෙත් සීසීසී පන්දු යවන්නන් ද සුළුවෙන් තැකීමට නොහැකියි.නුවන් තුෂාර,විශ්ව ප්‍රනාන්දු,නිශාන් පීරිස් මෙන්ම ධනංජය ද සිල්වා සහ කමිඳු මෙණ්ඩිස් වැනි පන්දුවෙන් දස්කම් දැක්විය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයන් ද ඔවුන් සතු වෙනවා.එහෙත් දිලුම් සුදීර ප්‍රමුඛ වන පොලිසි පන්දු යැවීමේ බල ඇණිය මේ තරගාවලියේදී ප්‍රතිවාදීන් පාලනය කිරීමට සමත් වී තිබීම වඩාත් කැපී පෙනෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...