ඩොලර් ගේන්න ධම්මිකගෙන් ප්‍රොජෙක්ට් 100 ක් ! වගකීම් දුන්නොත් බාරගන්න සූදානම් !

Date:

රට අර්බුදයෙන් ගොඩ ගැනීමට නම් ණය ලබා ගැනීමට උත්සාහ කිරීම වෙනුවට ඩොලර් උපයා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බව ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසනවා. තවදුරටත් ලෝකයට ණයවීමෙන් මෙම අර්බුදය විසඳා ගත නොහැකි බවයි ඔහු අවධාරණය කරන්නේ.

මේ වනවිට අවස්ථා 900 කදී ලංකාවට ණය ලබා දී ඇති බවත්, එම ණය නැවත පියවිය නොහැකි තත්වයක් තුළ තවදුරටත් ලංකාවට ණය ලබාදීමට ඔවුන් සූදානම් නොමැති බවත්, ණය ලබා ගැනීමට නම් ණය නැවත පියවිය හැකි බවට විස්වාසය තහවුරු කළයුතු බවත් ධම්මික පෙරේරා මහතා පවසනවා.

ඩොලර් උපයා ගන්නා ක්‍රමවේදයක් සකස් කරන තෙක් යළිත් ණය ලබා ගැනීමට නොහැකි වනු ඇති බවද ඔහු සඳහන් කරනවා.

ඩොලර් උපයා ගැනීම වෙනුවෙන් දැවැන්ත ව්‍යාපෘති 100 සකස් කිරීමට තමා සූදානම් බවත්, ඉදිරි මාස 06 ක කාලය තුළ ඩොලර් අර්බුදයට ඒ හරහා විසඳුම් ලබාදිය හැකි බවත් ඔහු පවසනවා. එම වගකීම බාර ගැනීමට තමා සූදානම් බවයි ඔහු පවසන්නේ.

මෙම ව්‍යාපෘති 100 ක්‍රියාත්මක කිරීම සඳහා වෙනම අමාත්‍යවරයෙකු පත්කළ යුතු බවත් අනෙක් සියලු වගකීම්වලින් මුදවා ඔහුට ඒ පිළිබඳ පූර්ණ නිදහස ලබාදිය යුතු බවත් ධම්මික පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් හිරු රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ධම්මික පෙරේරා මහතා මෙම අදහස් පළ කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...