ආපදාවලට ලක්වන ධීවරයන් ගැන සොයා බැලීමට පැහැදිලි යාන්ත්‍රණයක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හලාවත ධීවර වරායෙන් ධීවර රැකියාවට ගොස් අතුරුදන් වූ ධීවරයා වෙනුවෙන් මේ මොහොතේ හෝ කළ හැකි ඉහළම මැදිහත්වීම සිදු කර මේ අතුරුදන් වූ ධීවරයා සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවත් ධීවර රැකියාවේ නිතර වූවන් ආපදාවලට ලක්වන විට ඒ ආපදාවලින් මුදවා ගැනීමට පැහැදිලි යාන්ත්‍රණයක් අප රටේ නොමැති වීම විශාල ගැටලුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ හලාවත ධීවර වරායෙන් ධීවර රැකියාට ගොස් අතුරුදන් වූ ධීවරයකුගේ නිවසට ගොස් ඔවුන් සම්බන්ධයෙන් සොයා බැලූ අවස්ථාවේදී ය.

පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් මෙවැනි යාන්ත්‍රණයක් සකස් කිරිමේ වැදගත්කම රජයට පෙන්වා දීමට තමා කටයුතු කරන බවත් මෙවැනි ආපදාවලදී රජය පැත්තෙන් මැදිහත්වන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

හලාවත ප්‍රදේශයෙහි වැල්ල ධීවර ගම්මානයේ ධීවරයෙන් දෙදෙනෙකු මීට දින 10කට පෙර සිය රැකියාව සඳහා මුහුදු ගිය අවස්ථාවේදී කුනාටුවකට අසූවී හදිසි අනතුරකට ලක්වී තිබිණි. මේ සම්බන්ධයෙන් රජයේ නිලධාරින් කොතෙකුත් දැනුවත් කළද කිසිවක් නොවී ඇති අතර දින දහයකට පසුත් එක මළ සිරුරක් ගම්වාසීන් විසින් සොයාගත්ත ද අනෙක් ධීවරයා සොයාගන්නට නොහැකි වී තිබේ. මේ සම්බන්ධයෙන් දැනගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හලාවතට පැමිණි අවස්ථාවේ මෙසේ ආපදාවට පත්වූ පවුල් සොයා ඔවුන්ගේ නිවෙස්වලටම පැමිණියේය. එහි දී මියගිය අයගේ පවුලේ සාමාජිකයන් ද හමු වී ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීය. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම අවස්ථාවේදීම ගුවන් හමුදාපතිවරයා අමතා මෙම ධීවරයා සොයා ගැනීමට ගුවන් සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දැක්වූ ගුවන් හමුදාපතිවරයා විසින් මෙම ධීවරයන් සොයා ගැනීමට හෙලිකොප්ටර් යානයක් යොදවා මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සහ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...