දුමින්දව බන්ධනාගාර නිලධාරීන්ට භාරදී CID ය රෝහලෙන් පිටවෙයි! (VIDEO)

0
2551

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් දුමින්ද සිල්වාව බන්ධනාගාර නිලධාරීන් වෙත භාර දීම සිදුව තිබුණා.

ඒ අනුව මේ වන විට ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැද තවදුරටත් රෝහල තුළ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා විසින් ලබා දුන් ජනාධිපති සමාව අත්හිටුවමින් ඊයේ (31) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝගය අනුවයි ඔහුව මෙලෙස අත්අඩංගුවට පත්වුණේ.

මේ අතර ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය ද අධිකරණයට ලබා දෙන මෙන් නියෝග කර තිබෙනවා.

ASK