ට්‍රම්ප් ඉන්දියාවට හා දකුණු කොරියාවට නව බදු පනවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුලි 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියානු භාණ්ඩ සඳහා 25%ක් දකුණු කොරියානු භාණ්ඩ සඳහා 15%ක නව තීරු බද්දක් ප්‍රකාශයට පත් කර තිබේ.

ජනාධිපති ට්‍රම්ප් ඊයේ(30)දිනයේදී Truth Social ගිණුමේ මෙම නව වෙළඳ පියවර නිවේදනය කර තිබු අතර දකුණු කොරියාව වෙනුවෙන් පනවා තිබු 25%ක බද්ද සාකච්ජා මාර්ගයෙන් ඩොලර් බිලියන 350ක් එක්සත් ජනපදයේ ආයෝජනය කිරීමට පොරොන්දු මත 15% දක්වා ඔවුන් අඩු කර ගැනීමට සමත්ව ඇත.

මීට අමතරව ඉන්දියාව රුසියාවෙන් මිලදී ගන්නා තෙල් හා යුධ උපකරණ වෙනුවෙන්ද අමතරවද තීරු බද්දක් පනවා ඇති අතර වෙළඳ ප්‍රතිපත්තිය ට්‍රම්ප් සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි අතර සබඳතා තවදුරටත් සංකීර්ණ කර තිබේ.

බිලියන 1.4 ඉක්මවන ජනගහනයක් සිටින ඉන්දියාව ලොව විශාලතම රට වන අතර පසුගිය වසරේ ඉන්දියාව සමඟ භාණ්ඩවල ඩොලර් බිලියන 45.8 ක වෙළඳ අසමතුලිතතාවයක් එක්සත් ජනපදය පවත්වාගෙන ගොස් ඇති අතර මේ සමබන්ධයෙන් ඉන්දියාව තවමත් අදහස් දක්වා නොමැත.

එක්සත් ජනපදය සමඟ අවම වශයෙන් ඩොලර් බිලියන 56 ක වාර්තාගත වෙළඳ අතිරික්තය බුක්ති විඳි දකුණු කොරියාව එ මෙම ගනුදෙනුව දකුණු කොරියාවේ සාර්ථකත්වයක් ලෙස ප්‍රචාරය කර ඇති අතර දකුණු කොරියානු නායක ලී ජේ මියුන්ග් මෙම ගිවිසුමට ප්‍රශංසා කර ඇති අතර, එය අනෙකුත් රටවල් හා සසඳන විට තම රට සමාන හෝ වඩා හොඳ අවස්ථාවක් ලබා ගෙන ඇති බව ප්‍රකාශ කර තිබේ.

මෙම නව ගිවිසුම අනුව යමින්, දකුණු කොරියාව එක්සත් ජනපදයේ ආයෝජනය කිරීමට අපේක්ෂිත ඩොලර් බිලියන 350න ඩොලර් බිලියන 150 ක් යුද නැව් ඇතුළු නැව් තැනීමට අපේක්ෂා කරන අතර වෙළඳ ගිවිසුම් අගෝස්තු 01 වන දින එනම් හෙට දින සිට ක්‍රියාත්මක වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...

බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අල්ලස් කොමිසම විසින් හිටපු...

බැඩ්මින්ටන් වලට උර දෙන මැක්ලරන්ස් ආයෙත් ජාත්‍යන්තර තරගාවලියක බරට උර දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 01, කොළඹ LNW: වසර කිහිපයක සිට ශ්‍රී ලංකා...

අධිවේගී මාර්ගයේ යනවා නම් මේ ගැනත් දැනුවත්ද?

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අද (01) සිට අධිවේගී...