පොලීසිය මූලික අයිතිවාසිකම් කඩකරලා – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි!

Date:

කොළඹ LNW:ධර්ම චක්‍රයේ පින්තූරය දැක්වෙන ඇදුමක් ඇද සිටීම වරදක් ලෙස දක්වමින් 2019 මැයි 27 වැනිදා මුස්ලිම් ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගැනුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් එම කාන්තාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමේ තින්දුව ප්‍රකාශ කරමින් එම කාන්තාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කර තිබේ.

පොලිසිය චෝදනා කර තිබුණේ ඇය ඇද සිටි එම ඇදුමේ ඇති සංකේතය “ධර්ම චක්‍රයක්” වන අතර ධර්ම චක්‍රය බෞද්ධ සංස්කෘතියට අයත් සංකේතයක් වන හෙයින් එම සංකේතය සහිත ඇදුමක් ඇදීම හරහා ඇය බෞද්ධයන් නොසන්සුන් කර ඇති බවයි.

කෙසේවෙතත් මෙම සිද්ධිය් සම්බන්ධයෙන් විශාල මහජන කතිකාවක් ඇති වූ අතර අදාල කාන්තාව ඇද සිටි ඇදුමේ ඇති සංකේතය “ධර්ම චක්‍රය” නොව, “නැව් සුක්කානම” බවට මත පලකෙරුණි.

එම සංකේතය ධර්ම චක්‍රය ම වුවත් මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම වැරැද්දක් බව බෞද්ධ භික්ෂුවක් වන ගන්කන්දේ ධම්මාලෝක හිමියන් පවසා තිබුණි. උන් වහන්සේ පවසා තිබුණේ එවැනි චෝදනාවක් මත යමෙකු අත්අඩංගුවට ගැනීම හෝ හිරිහැර කිරීම කිසිසේත්ම බුදු දහම නොවන බවයි.

ඒ අනුව කිසිදු සාධාරණ හේතුවකින් තොරව තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව එම කාන්තාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර තිබුණු අතර ඊයේ (30) දිනයේ දී එහි තීන්දුව ප්‍රකාශයට පත් විය.

අදාල කාන්තාව අත්අඩංගුවට ගැනීම මගින් හසලක පොලිසියේ ස්ථානාධිපතිවරයා එකී කාන්තාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, සිය පෞද්ගලික ධනයෙන් අදාල කාන්තාවට රුපියල් තිස් දහසක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...

සුඩානයේ RSF ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ...