STF වැටලීමකදීයි කොටු වූ ලොකු පැටීගේ ගෝලයා!

Date:

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW :

පොලිස් විශේෂ කාර්ය බලකායේ රත්ගම කඳවුරේ ස්ථාපිත ගාල්ල සේනාංක බුද්ධි අංශයේ නිලධාරීන් රත්ගම පොලිස් වසමේ බූස්ස, රත්න උදාගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී, නමගිය අපරාධකරුවෙකු වන ලන්තුවාහන්දි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ලොකු පැටී නැමැත්තාගේ ප්‍රධාන පෙලේ ගෝලයෙකුගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල සම්බන්ධ සැකකාරියක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී අත්අඩංගුවට ගත් සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 2,890ක් සොයාගෙන තිබෙන අතර, යුද හමුදා, ගුවන් හමුදා, සිවිල් ආරක්ෂක අංශවල නිල ඇදුම් කිහිපයක්, රියදුරු බලපත්‍ර 02ක් සහ සිවිල් ආරක්ෂක බලකා හැදුනුම්පතක් ද සැකකාරිය සතුව තිබී සොයාගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි .ඒ අනුව සැකකාර කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රත්ගම පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...