*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

මෙතැනින් මතුවට යා යුතු මඟ

ඩේමියන් ප්‍රනාන්දු, MBA (Sri.J), FCMA

නිර්-දේශපාලනීකරණය

1972 ට පෙර පාලනය සඳහා ප්‍රධාන වශයෙන්ම වගකියන ලද්දේ පාර්ලිමේන්තුවයි. 1972 සහ 1977 ගෙන එන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මඟින් එදිනෙදා ජීවිත ආක්‍රමණය කිරීම සිදුවිය. අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, සෞඛ්‍යය සහ කම්කරු ක්ෂේත්‍රය වැනි රටේ ප්‍රධාන අංශ නිර්-දේශපාලනික කිරීමට නම්, ඒවා බලවත් කොමිෂන් සභා යටතට ගත යුතු අතර, සෑම ක්ෂේත්‍රයක් සඳහාම සංදිස්ථාන සහ ඉලක්කවලින් යුතු දීර්ඝ-කාලීන වැඩපිළිවෙලක් අවශ්‍ය වනු ඇත.  

මෙම කොමිෂන් සභා ස්ථාපිත කළ පසු අදාළ අමාත්‍යවරයා විසින් අදාළ ක්ෂේත්‍රය සඳහා වන අවශ්‍යතා සහ අරමුදල් කැබිනට් මණ්ඩලය තුළ ඉදිරිපත් කළ යුතුය. මෙය අදාළ ක්ෂේත්‍ර අමාත්‍යවරයාගේ ආධිපත්‍යය හෝ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වීම නම් සන්දර්භයේ ප්‍රතිවිරුද්ධයයි.   

දේශපාලඥයන් බලපත්‍රලාභීන් කිරීම

මෙම ක්‍රමවේදය හරහා මැතිවරණවලට තරඟ කිරීමට සහ ධුරයේ වැඩ භාරගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපත්‍රයක් ලබාදීම සිදුවෙයි. මෙවන් බලපත්‍රයක් හිමි පුද්ගලයකුට පමණක් රජයේ කාර්යාලයක ධුරයක් භාරගැනීම සඳහා මැතිවරණවලට තරඟ කිරීමට අවස්ථාව සලසා දිය යුතුයි. ඒ සඳහා බලපත්‍ර නිකුත්කරන ස්වාධීන ආයතනයක් ස්ථාපිත කළ යුතුයි. අපරාද වාර්තාවක් නොමැති ඕනෑම පුද්ගලයකුට බලපත්‍රය සඳහා අයදුම් කළ හැකිය. බලපත්‍රය ලබා ගැනීමට සියළු වත්කම් ප්‍රකාශයට පත්කළ යුතු අතර, බලපත්‍රය අලුත්කිරීම සඳහා වාර්ෂික වත්කම් ප්‍රකාශයක් නිකුත්කළ යුතු වෙයි. විෂමාචාරයක් හෝ සාපරාධී වරදක් සම්බන්ධයෙන් මූලික සාක්ෂි ද සහිතව පරීක්ෂණයක් තිබේ නම්, අධිකාරියට එම පුද්ගලයාගේ බලපත්‍රය අත්හිටුවිය හැකිය.  

දැනට සිටින දේශපාලඥයන්ගෙන් මෙම වෙනස්කම් බලාපොරොත්තු වීම දුෂ්කර බැවින්, පහත දැක්වෙන්නේ අපට ඔවුන්ගෙන් ඉල්ලා සිටිය හැකි වෙනස්කම් කිහිපයකි.

අඩු-ආදායම් පවුල් වලට මූල්‍යමය සහාය ලබාදීම

වත්මන් ක්‍රමවේදය දේශපාලනීකරණය වී ඇති බැවින්, බොහෝවිට ආදායම් සහාය හිමිවන්නේ යම් පක්ෂයකට සහයෝගය දක්වන්නන්ට ය. මූලික මොඩලය ප්‍රේමදාස රජය පැවති සමයේ හඳුන්වා දුන් ‘කැපකරු මාපිය’ ක්‍රමයට සමාන ක්‍රමවේදයක් කරා වෙනස්විය යුතුය. සමාජයේ සියයට 20 – 30 පමණ වූ ඉහළම තලයේ ජීවත්වන්නන්ට, සියයට 30 පමණ වූ පහළම තලයේ ජීවත් වන පවුල්වලට මාසික වශයෙන් යම් මුදලක් (රු.10,000 වැනි) වෙන්කළ හැකිය. ඇතැමුන් එක් පවුලකට වඩා වැඩි ගණනකට මූල්‍ය සහාය ලබාදීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වනු ඇත. එමෙන්ම, රාජ්‍ය සහ පෞද්ගලික අංශවල ආයතන විසින් ඔවුන්ගේ සංස්ථානික සමාජ වගකීම් (CSR) සඳහා වෙන්කරනු ලබන අයවැයෙන් පවුල් දසගණනකට අනුග්‍රහය දක්වනු ඇති. මෙම වැඩසටහනේ අධීක්ෂණ යටිතල පහසුකම් රජය විසින් සපයන මුත් ඊට මුදල් යෙදවීම අවශ්‍ය නොවේ. මාසික වශයෙන් ලැබෙන සහයෝගයට අමතරව, දරුවන්ගේ කුසලතා නැංවීම සඳහා ඔවුන් යොමුකිරීම, ඇඳුම් පැළඳුම් මෙන්ම ගෘහභාණ්ඩ ආදී දෑ ලබා ගැනීම සඳහා උපකාර ලැබීම මෙම අනුග්‍රහයේ ප්‍රධාන ප්‍රතිලාභයයි. තමා අනුග්‍රහය දක්වන පවුලේ සාමාජිකයන්ට රැකියා අවස්ථා සොයාදීමට ද ඇතැම් අනුග්‍රාහකයන් සමත්වනු ඇත.

රාජ්‍ය සහ පළාත් පාලන ආයතන වල ටෙන්ඩර් සහ සැපයුම් සඳහා මාර්ගගත ලංසු තැබීම

රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, සහ පළාත් පාලන ආයතන විසින් සිදුකරන මිලදී ගැනීම් සහ ගිවිසුම්ගතවීම් සඳහා මාර්ගගත ලංසු තැබීමේ පොදු ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවිය යුතුය. මෙමඟින් අතරමැදියන් වෙනුවට නිශ්පාදකයන් හට මිලදී ගැනීම් සඳහා ලංසු ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙනු ඇති අතර, නිශ්පාදකයන්ගේ ආදායම ඉහළ නංවනු ඇත. ද්‍රව්‍ය භාවිතා කර ඇති අන්දම සහ ඒ සඳහා වැයවූ පිරිවැය විශ්ලේෂණය කිරීමට මෙම වැඩසටහනට හැකිවනු ඇත. මෙමඟින් භාවිතය සහ පිරිවැය අවම කරන අතර, රාජ්‍ය අංශයේ භාණ්ඩ මිලදී ගැනීමේදී සහ සේවා ලබාදීමේදී සිදුවන දූෂණයන් අවම කරනු ඇත.

ශිෂ්‍ය මූල්‍ය පද්ධතිය (සංවර්ධිත රටවල මෙන්)

‘නිදහස් අධ්‍යාපනය’ නිසා උසස් අධ්‍යාපන අවස්ථා ඉහළ දැමීම රජයට දුෂ්කර වී ඇත. අඩු-ආදායම් පවුලක වාසනාව කරකැවිය හැකි එකම මඟ වන්නේ, ඔවුන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා අවස්ථා උදාකර දීමයි. තම දරුවන් පෞද්ගලික අධ්‍යාපන ආයතනයකට හෝ විදෙස් විශ්වවිද්‍යාලයකට ඇතුළත් කිරීමට ධනවත් දෙමාපියන්ට හැකිය. යෝජනාව වන්නේ, ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB) ඉතුරුම් සහ නිපුණතා බැංකුවක් බවට පත්කර ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමයි.  

මීට සමඟාමීව, විශ්වවිද්‍යාල ස්ථාපනය කිරීම සඳහා, විශාල රාජ්‍ය බැංකු සහ පෞද්ගලික අංශයේ ආයතන වලට අධිවේගී මාර්ග පිටවුමක් අසළ වූ අක්කර 25 බැගින් වූ ඉඩම් ලබා දිය යුතුය. මෙම විශ්වවිද්‍යාල වලට මඟ පෙන්වීම සහ අධීක්ෂණය කිරීම සඳහා වෙනම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවක් පත්කළ යුතුය. ශාස්ත්‍රීය ඇගයීම් පරීක්ෂණයට (SAT) සමාන විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයක් හඳුන්වා දී, සම්මාන සාමාර්ථ තුනක් හිමි ඕනෑම පුද්ගලයකුට එම විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දිය යුතුය. මෙම විභාගයේ ඉහළම සාමාර්ථ ලබා ගන්නා සියයට 2 ක් වූ සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමිය හැකි අතර, ඉතිරියට ශිෂ්‍ය ණය ක්‍රමයක් හඳුන්වා දිය හැකිය. ශිෂ්‍ය ණය පහසුකම සඳහා ශිෂ්‍යයකුට හෝ ශිෂ්‍යාවකට සුදුසුකම් ලැබිය හැක්කේ, සාමාන්‍ය ආදායම රු. 100,000 ට අඩු, හෝ ශුද්ධ වත්කම් රු. මිලියන 20 ට අඩු පවුල්වල සිසුන්ට පමණි. ණය ලබා ගැනීම සඳහා සාවද්‍ය ආදායම් සහ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සාපරාදී වරදක් බවට පත්කළ යුතුය.

පෞද්ගලික විශ්වවිද්‍යාලවලට, වාර්ෂිකව විදෙස් රටවල සිසුන් 100,000 ක සාමාන්‍ය සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමේ දිගු-කාලීන (වසර 10ක) ඉලක්කයක් තිබිය යුතුය. මෙමඟින් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 10 ක පමණ වූ අතිරේක විදේශ විනිමය ආදායමක් උත්පාදනය කරනු ඇත. මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාල මඟින් සිසුන් විදේශ විශ්වවිද්‍යාලවලට යැවීම සඳහා වැයකරන විදේශ විනිමය පිටවීම ද මෙමඟින් අවම කරනු ඇත.  

මෙමඟින් ශ්‍රී ලාංකික සිසුන්ට අයත්වන වාසිය වන්නේ, ක්‍රීඩා හා සෞන්දර්‍යාත්මක අධ්‍යයන ආදී කටයුතුවල නියැලීමට ද ඔවුනට අවස්ථාව උදාවීමයි. ප්‍රවේශ විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම වන්නේ සාමාර්ථ තුන පමණි. මෙමඟින් උපකාරක පන්ති උන්මාදය ද අවම වනු හෝ තුරන්වනු ඇති. විශ්වවිද්‍යාල බඳවා ගැනීම් වලදී ක්‍රීඩා හා සෞන්දර්‍යාත්මක කුසලතා සඳහා අතිරේක ලකුණු ලබාදීම මඟින් සිසුන් මෙවන් ක්ෂේත්‍ර කෙරේ යොමුවීම ඉහළ නංවනු ඇති අතර, එමඟින් සෞඛ්‍යමත් අනාගත පරම්පරාවක් ද බිහිවනු ඇත.

හෙද පාසල්, ජර්මන් ටෙක් වැනි වෘත්තීය පුහුණු ආයතන විශ්වවිද්‍යාලයකට අනුයුක්ත කළ යුතු අතර, එමඟින් සිසුන්ට විශ්වවිද්‍යාල උපාධි සහ ඩිප්ලෝමා ලබාගැනීමට හැකිවනු ඇත. මීට අමතරව, ගඩොල් ඇල්ලීම, කොණ්ඩා සැකසීම, බේකරි කර්මාන්තය, නාවික කටයුතු (seafarer) සහ වෙනත් කුසලතා සඳහා ද ඩිප්ලෝමා හඳුන්වාදිය යුතුය. ජාත්‍යන්තර රැකියා වෙළඳපොල තුළ මෙවන් කුසලතා සඳහා ඉහළ ඉල්ලුමක් ඇත.

වර්තමානය වන විට, සේවකයන් විසින් තම වැටුපෙන් සේවක අර්ථසාධක අරමුදලට (EPF) බැරකරන ප්‍රතිශතය සියයට 10 කි. සේව්‍යයා වෙන්කරන්නේ සියයට 15 කි. වැටුපේ මෙම අගය (සියයට 25) ශිෂ්‍ය ණය ආපසු ගෙවීම සඳහා වෙන්කළ හැකිය.  

පාසල් පද්ධතිය සහ පාසල් වලට බඳවා ගැනීම ප්‍රතිසංවිධානය කිරීම

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියේ බොහෝ ගැටළු තිබේ, කුඩා පාසල්වල පහසුකම්වල අඩුපාඩු මත සිසුන් ඇතුළත් කර ගැනීමේ දී සිදුවන දූෂණ මින් එකකි. ශ්‍රී ලංකාවේ පාසල් 9000ක් පමණ ඇත. මේවා පරිවාර අධ්‍යයන ආයතන (satellite campuses) කිහිපයක් ද සහිතව විශාල පාසල් 2500ක් බවට පරිවර්තනය කළ යුතුය. උදාහරණයක් වශයෙන්, ධර්මපාල විද්‍යාලය අවට ඇති කුඩා පාසල් 3 – 5 පමණ ප්‍රධාන පාසලේ ප්‍රාථමික/ද්විතියික අංශ බවට පරිවර්තනය කළ හැක. කුඩා පාසල්වල නම්, ‘ධර්මපාල විද්‍යාලය දකුණු පරිවාර අධ්‍යයන ආයතනය,’ හෝ ‘ධර්මපාල විද්‍යාලය ප්‍රාථමික අංශය’ ලෙස වෙනස් කළ හැකිය. සියලුම පාසල් 5 – 6 එක් විශාල පාසලක් බවට පත්කළ පසු යටිතල පහසුකම්, ගෘහ භාණ්ඩ, ගුරුවරුන් සහ අනෙකුත් පහසුකම් ආදිය බෙදාහදා ගත හැකිය. මේ අන්දමට, පාසල් 2500ට ම සමාන පහසුකම් ලැබෙනු ඇත. සෑම විශාල පාසලකම ප්‍රධාන විදුහල්පතිවරයකු සිටින අතර, පරිවාර ආයතනවලට ප්‍රධාන විදුහල්පති වෙත වාර්තා කරන විදුහල්පතිවරුන් සිටිනු ඇත. වර්තමාන සන්නිවේදන තාක්‍ෂණය මඟින් පරිවාර ආයතන සහ ප්‍රධාන ආයතනය අතර අධීක්ෂණය සහ සන්නිවේදනය පහසු වනු ඇත.

මෙය සිදුකිරීමෙන් අනතුරුව, දරුවන්ට හොඳම පාසල සෙවීම සඳහා තදබදයක් ඇති නොවනු ඇත. මීට අමතරව, පාසල්වලට බඳවා ගැනීම් සඳහා ක්‍රියාකාරී පද්ධතියක් ස්ථාපිත කිරීමට ද පුළුවන. දරුවකු ඉපදුන විට, එම දරුවා මාර්ගගතව ජාතික අධ්‍යාපන පද්ධතියේ (National Education Portal) ලියාපදිංචි කිරීමට දෙමාපියන්ට සිදුවනු ඇත. පද්ධතිය විසින් සිතියම් තාක්ෂණය ඔස්සේ එම දරුවා ළඟම ඇති පාසල සමඟ ගලපනු ඇත. ඒ ඒ පරිවාර අධ්‍යයන ආයතනවල ධාරිතා අවශ්‍යතාවය අවම වශයෙන් වසර හතරකට පෙරාතුවවත් හඳුනාගැනීමට මෙමඟින් අදාළ පාසලට හැකියාව ලැබෙනු ඇත.

විදේශ විනිමය තත්ත්වය නඟාසිටුවීම

මෙය සිදුකළ යුත්තේ, විදේශ විනිමය වියදම් අවමකර, ආදායම් මාර්ග ඉහළ නැංවීම මඟිනි.

ආදායම ඉහළ නැංවීම

ඉහත සඳහන්කළ පරිදි, ගඩොල් ඇල්ලීම, කෝණ්ඩා සැකසීම, මෝටර් යාන්ත්‍ර විද්‍යාව ආදී ක්ෂේත්‍රයන් සඳහා විශ්වවිද්‍යාල ඩිප්ලෝමා ස්ථාපිත කිරීම මඟින්, සුදුසුකම් ලත් පුද්ගලයන් විදේශ රැකියාවලට යැවීමට අපට හැකිවනු ඇත. ගෘහසේවිකාවක උපයන ආදායම මෙන් දෙතුන් ගුණයක ආදායමක් ඉපයීමට මෙම කුසලතාවලට හැකිය.

බටහිර රටවල හෙදියන්ට නොසෑහෙන ඉල්ලුමක් තිබේ. මෙම ක්ෂේත්‍රයේ ඒකාධිකාරිය පවත්වාගෙන සිටින්නේ ඉන්දියාව සහ පිලිපීනය විසිනි. පෞද්ගලික විශ්වවිද්‍යාල සමඟ, හෙද පුහුණු පාසල් කිහිපයක් විසින් සිසුන් ඉංග්‍රීසි භාෂාවෙන් ද පුහුණු කළ යුතුය. රටේ රෝහල්වලින් මෙම සිසුන්ට පුහුණුව ලබාදිය යුතුය. වසර 4ක උපාධියක් ද සමඟින් (විදේශීය සුදුසුකම් ලැබීමේ වෙනත් විභාග ද සමඟ), සුදුසුකම් ලත් හෙදියන් ලොවට දායාද කිරීමට අපට හැකි වනු ඇත. හෙදියකගේ වැටුප ගෘහ සේවිකාවකගේ වැටුප මෙන් දස ගුණයක් පමණ වනු ඇත. නිශ්චිත කාලයකට යටත්ව, හෙදියන් 400,000ක් යැවීමට අප සමත් වූවහොත් ඉන් වසරකට ඉපයිය හැකි ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 10 කි. (සටහන. ඇතැම් හෙදියන් එම රටවල පදිංචිය ලබාගන්නා අතර, ඔවුන්ගේ සම්පූර්ණ වැටුප නොඑවනු ඇත.)

දෙවන මාර්ගය වන්නේ, ශ්‍රී ලංකාවේ යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ජාත්‍යන්තර සිසුන් 400,000ක් ගෙන්වා ගැනීමයි. (වසර 04 ක උපාධි සඳහා පළමු වසරේ සිසුන් 100,000) මෙමඟින් වසරකට ඉපයිය හැකි අවම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 10 කි.

විදේශ රැකියා සඳහා හෙදියන් මෙන්ම ඇති වෙනත් මාර්ග ද මෙරට විසින් හඳුනාගත යුතුය. නාවික කටයුතු කරන්නන් (seafarers), ධීවර යාත්‍රා කාර්ය මණ්ඩලය, සංචාරක යාත්‍රා කාර්ය මණ්ඩලය (cruise ship crew), බේකරි වෘත්තිකයන්, මෝටර් කාර්මිකයන්, නැව් කාර්මිකයන්, ගුවන් යානා කාර්මික ශිල්පීන්, බර උපකරණ ක්‍රියාකරුවන්, රසායනාගාර කාර්මික ශිල්පීන්, වයස්ගත පුද්ගලයන් සඳහා සේවා ලබාදෙන්නන්, ගුවන් මැදිරි කාර්ය මණ්ඩලය ආදී ක්ෂේත්‍ර සඳහා ඉල්ලුමක් පවතී. මෙම ක්ෂේත්‍ර සඳහා විධිමත් පුහුණුවක් සහ පිළිගත් ඩිප්ලෝමා ප්‍රදානය කිරීම (කීර්තිමත් විශ්ව විද්‍යාල වලින්) මඟින් ගෝලීය රැකියා වෙළඳපොලේ අනෙක් අය සමඟ තරඟ කිරීමට ඉඩ සලසා දිය යුතුය. වසර කිහිපයක් තුළ මෙම ක්ෂේත්‍රවල විදෙස් රැකියා සඳහා පුද්ගලයන් 400,000 යැවීමට අප සමත් වූවහොත්, ඉන් ලැබෙන ආදායම වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 10 කි. 

මාළු සහ එළවළු අපනයනය විශාල වශයෙන් විදේශ විනිමය උපයා ගත හැකි ක්ෂේත්‍ර දෙකකි. මේ සඳහා කළ යුත්තේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුළුල් සහයෝගය ද ඇතිව සුදුසු ඉඩම් හඳුනාගෙන අපනයන භෝග සඳහා වෙන් කිරීමයි. ශ්‍රී ලංකාවට අයත් කොළඹ නැව් තටාකාංගනය හරහා ට්‍රෝලර් යාත්‍රා නිෂ්පාදනය කිරීම සහ ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා විශාල සමාගම් හෝ ස්ථාපිත ව්‍යාපාර සඳහා මුදල් සැපයීමට කටයුතු කිරීම මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට හේතුවනු ඇති. ශ්‍රී ලාංකේය නිෂ්පාදන සඳහා නිෂ්පාදකයන් සහ ගැනුම්කරුවන් වෙළඳපොළට සහ-සම්බන්ධ කිරීමට අපනයනය සඳහා මධ්‍යම ඒකකයක් (නවසීලන්ත කිරි මණ්ඩලයට අනුකූලව) අත්‍යාවශ්‍ය වේ. එළවළු සහ මාළු සඳහා වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 05 ක ඉලක්කයක් සපුරාගත යුතුය.

විදේශ විනිමය ඉතිරිකර ගැනීම

දේශපාලනඥයන් සහ රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා තීරු බදු රහිත හෝ තීරු බදු සහන වාහන ලබාදීම අත්හිටුවිය යුතුය. එක් වාහනයක මිල ඇමරිකානු ඩොලර් 25,000 සිට 60,000 දක්වා වේ. රාජ්‍ය අංශයේ සේවකයන්ට මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා පොලී රහිත ණයක් ලබාදිය හැකියි. දේශපාලඥයන්ට රජයට අයත් සහ නඩත්තු කෙරෙන මෝටර් රථයක් ලබා දිය හැකි අතර එය නිලයෙන් ඉවත් වූ පසු ආපසු ලබා දිය යුතුය.

පෞද්ගලික විශ්වවිද්‍යාල විදේශ අධ්‍යාපනය සඳහා වැය කරන ඩොලර් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අවම කරනු ඇත.

විදේශ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ණය ගැනීම තහනම් කරන්න. බහුතර විදේශ හිමිකාරීත්වය ඇති සමාගම් අමතර ආයෝජන සඳහා විදේශ අරමුදල් ගෙන්වා ගත යුතුය. කිසියම් හේතුවක් නිසා ශ්‍රී ලංකාව මෙයට අවසර ලබා දෙයි.  

ආහාර ද්‍රව්‍ය ආනයනය වැනි විශාල වශයෙන් විදේශ විනිමය පිටතට ගලා යන අනෙකුත් ක්ෂේත්‍ර හඳුනාගෙන ඉහළ ආනයන තීරුබදු සහිත ආනයන ආදේශනය ආරම්භ කිරීමට ස්ථාපිත ව්‍යාපාර දිරිමත් කළ යුතුය.

රුපියල් වලින් ලැබෙන ආදායම ඉහළ නැංවීම සහ වියදම් අවම කිරීම

ආදායම ඉහළ නැංවීම

ඉහළ රාජ්‍ය වියදම් සහ අයවැය හිඟයන්ට බලපාන එක් හේතුවක් වන්නේ, පුද්ගලයකුගේ ආදායම නොතකා සෑමදෙනෙකුටම නොමිලේ සේවා සැපයීමේ ක්‍රමවේදයයි.

රජයේ පාසල් අධ්‍යාපනය තුළ සිටින සෑම සිසුවකුගෙන්ම රු. 3000 සිට රු. 5000 දක්වා වූ මාසික බද්දක් අයකර ගතයුතු අතර, මෙය මාසික ආදායම රු. 100,000 ට වැඩි සහ ශුද්ධ වත්කම් රු. මිලියන 25 ට වැඩි පවුල්වල‍ට පමණක් සීමාකළ යුතුය. එමෙන්ම, සෑම පෞද්ගලික පාසලක් ම ඒ ඒ පාසලේ ධාරිතාවය මත මෙම මුදල බද්දක් ලෙස අයකරගත යුතුය. සෑම වයස් කාණ්ඩයකම සිසුහු 350,000 බැගින් සිටිති. ඉහත සඳහන් කළ පන්නයේ පවුල්වලින් පැමිණෙන සිසුන් ප්‍රමාණය සියයට 20ක් යැයි යමෙකු උපකල්පනය කළහොත්, ඉන් රජයට වාර්ෂිකව ලැබෙන ආදායම රු. බිලියන 30 – 50 පමණ වේ. මෙය රාජ්‍ය වියදම් හරි අඩකින් කපාහරිනු ඇත.

ඒ හා සමානවම, නොමිලේ සෞඛ්‍ය සේවාව ද, මාසික ආදායම රු. 100,000 ට අඩු, හෝ ශුද්ධ වත්කම් රු. මිලියන 25 ට අඩු ජනගහනයට සීමාකළ යුතුය. අනෙකුත් පුද්ගලයන්ගෙන්, පෞද්ගලික අංශයේ අයකෙරෙන සුපුරුදු ගාස්තුම රසායනාගාර සහ භෞතික පරීක්ෂා (laboratory and exploratory tests) සඳහා අයකරගත යුතුය. නේවාසික රෝගීන්ගෙන් රෝහල්ගත කෙරෙන දිනකට රු. 2000 බැගින්ද පෞද්ගලික රෝහල්වල ශල්‍යකර්ම සඳහා අයකෙරෙන සාමාන්‍ය මුදලෙන් සියයට 50ක් ද අයකරගත යුතුයි. පසු කාලීනව රජයේ රෝහල්වල ඇති ඉඩම, අදාළ රෝහලේ වෛද්‍යවරුන්ට පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදිය හැකි ගාස්තු අය කෙරෙන රෝහල් ඉදිකිරීම සඳහා යොදා ගත හැකිය. බොහෝ පෞද්ගලික රෝහල් මෙන් නොව, විශේෂඥ වෛද්‍යවරු සතියේ පැය 24 පුරාම රජයේ රෝහල් පරිශ්‍රයේ සිටින බැවින් එවැනි රජයට අයත් ගාස්තු අය කිරීමේ ඒකකවලට පෞද්ගලික රෝහල්වලට වඩා හොඳ ඉල්ලුමක් නිර්මාණය විය හැකිය. ඒ හා සමානව, හෙදියන්ට ද ගාස්තු අය කිරීමේ අංශයේ මාරුවෙන් මාරුවට සේවයේ යෙදිය හැකිය.

අධිවේගී මාර්ග හැර අනෙකුත් ප්‍රධාන මාර්ග ද ගාස්තු අයකෙරෙන මාර්ග (බස්රථ, ත්‍රීරෝද රථ සහ යතුරුපැදි නිදහස්කළ) බවට පත්කළ හැකිය. මෙම ගාස්තු අධිවේගී මාර්ගවලින් කිලෝමීටරයකට අයකෙරෙන ගාස්තුව මෙන් සියයට 40 ක ප්‍රමාණයක් කළ හැකිය. මාර්ග ඉදිකිරීම් සහ නඩත්තු වියදම් සඳහා දේශීය ණය ආදායමෙන් පියවා ගත හැකිය.

වියදම් අවම කිරීම

දේශපාලඥයන්ට විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රමය අහෝසිකර, සියලු මට්ටම්වල දේශපාලනය වරප්‍රසාද රහිත ගෞරව සේවාවක් බවට පත්කරන්න. 

සියලුම රාජ්‍ය මණ්ඩල සහ ආයතන (රාජ්‍ය දෙපාර්තමේන්තු හැර) සතුව පසු-කාර්යාල මානව සම්පත්, නීතිමය සහ මූල්‍ය සේවා තිබිය යුතුය. සියලුම ආයතනවල වෘත්තිකයන් ඒකරාශී කර නීතිපති දෙපාර්තමේන්තුවට සමාන ආයතනයක් ස්ථාපිත කළ යුතුය. මෙම සහාය සේවා දෙපාර්තමේන්තුව නීතිමය, මූල්‍ය, පරිපාලන, සහ අනෙකුත් පසු-කාර්යාල පහසුකම් සපයනු ඇත. එමෙන්ම, දෙපාර්තමේන්තු-නොවන අංශය මාරු කළ හැකි සේවාවක් බවට පත් කිරීම මඟින්, අධික කාර්ය මණ්ඩලයක් සිටින දෙපාර්තමේන්තුවලින් අමතර කාර්ය මණ්ඩලයක් අවශ්‍ය, හෝ අධික අතිකාල වියදම් දරන දෙපාර්තමේන්තුවලට මාරු කර යැවිය හැකිය. 

රජයේ සහ රාජ්‍ය අංශයේ සහ පළාත් පාලන ආයතනවල සියලුම වාහන අයත්කර ගැනීමට සහ ධාවනය කිරීමට ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය (SLCTB) යටතේ ප්‍රවාහන කළමනාකරණ සමාගමක් පිහිටුවන්න. ප්‍රවාහනයට සම්බන්ධ සියලු තාක්ෂණික, රියදුරු ආදී කාර්ය මණ්ඩලය මෙම නව ආයතනයට මාරු කළ යුතුය. පරිශීලක දෙපාර්තමේන්තු වලට Uber හා සමාන යෙදුමක් හරහා තම ගමන් පෙර-ඇණවුම් කළ හැකිය. මෙමගින් අවශ්‍ය වාහන ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වන බැවින් අමතර වාහන වෙන්දේසි කර විකිණීමට පවා හැකිය. මෙවන් වරප්‍රසාද පූර්ණ-කාලීන වශයෙන් හිමි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සඳහා අවශ්‍ය වාහන ද එම ආයතනවලට කුලියට ගත හැකිය. මෙම නව ආයතනය මඟින් පෞද්ගලික අංශයේ සමාගම්වලට සහ පුද්ගලයන්ට ද ගමනාගමන සේවා සැපයිය හැකිය. මෙමගින් රාජ්‍ය අංශයේ වාහන අවශ්‍යතාවය සැලකිය යුතු ලෙස අවමකරන (අනාගත විදේශ විනිමය ද ඉතිරිවනු ඇත) අතර, පවතින වාහනවලින් ඉහළම ප්‍රයෝජනයක් ලබා ගැනීමට ද හැකි වේ. වාහනවල ලුහුබැඳීමේ උපකරණ (tracking devices) ඇති බැවින් සහ සමස්ත ප්‍රවාහන පද්ධතියම පරිගණකගත කෙරෙන බැවින්, වාහන භාවිතය පරීක්ෂාකර බැලීමට මහජනතාවට ඉඩඅවකාශ ලැබේ. එබැවින්, රජයේ වාහන අවභාවිතය ද අවසන්වනු ඇත. 

දුම්රිය ස්ථාන ගමනාගමන සහ ව්‍යාපාර මධ්‍යස්ථාන බවට සංවර්ධනය කළ යුතුය. ප්‍රධාන නගරවල තෝරාගත් දුම්රිය ස්ථාන, ප්‍රවාහන හා වාණිජ මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, රක්ෂණ සංස්ථාව ආදියට බදු දීමට හැකිය. සුපිරි වෙළඳසැල්, බැංකු, වෙනත් මූල්‍ය අංශයට අයත් ආයතන, අවන්හල්, සපත්තු හා ඇඳුම් විලාසිතා ස්ථාන, සිනමා ශාලා සහ වෙනත් විනෝදාශ්වාදය සපයන මධ්‍යස්ථාන, ගෘහස්ත ක්‍රීඩා මධ්‍යස්ථාන ආදිය ස්ථාපිත කිරීම සඳහා වෙනම මහල් වෙන්කළ හැකිය. නගරයේ ඇති සියලුම රාජ්‍ය අංශයේ ආයතනවලින් ලබාදෙන සේවා එකම වහලක් යට මහජනතාවට ලබාදීම සඳහා මෙසේ මහල් කිහිපයක් ස්ථාපිත කළ හැකිය. බස් නැවතුම්පළක්, කුලී රථ නැවතුම්පළක් සහ බිම් මහලේ පෞද්ගලික රථගාලක් ඉදිකිරීම මඟින් දුම්රිය ස්ථානයේ සිට කලාපයේ අනෙකුත් ගමනාන්ත දක්වා බාධාවකින් තොර සම්බන්ධතාවයක් ගොඩනඟනු ඇත. රාජ්‍ය ආයතන වෙනුවෙන් පෞද්ගලික ගොඩනැගිලි වලට ගෙවන කුලිය ඉතිරි කර ගැනීමට හෝ රාජ්‍ය බැංකුවලට ගෙවා දැමිය හැකිය. ප්‍රවාහන හා වාණිජ මධ්‍යස්ථානවල බස් රථ නවත්වන බැවින් පොදු ප්‍රවාහනය භාවිතා කරන පුද්ගලයන් සංඛ්‍යාව ද ඉහළ යනු ඇත. මීට අමතරව, මෙමඟින් මහජනතාවට නවීන දුම්රිය ස්ථානයක් ලැබෙනු ඇත. 

මහජනයාට පහසුකම් සැලසීම  

වර්තමානය වන විට, රටපුරා සිටින සෑම පුද්ගලයකුම විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා කොළඹට පැමිණිය යුතු වෙයි. ඒ සඳහා අතිරික්ත රාජ්‍ය සේවකයන් යොදාගනිමින් සියලු ප්‍රධාන නගරවල සේවා මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට රජයට හැකිය. මෙම සේවා මධ්‍යස්ථානයේදී, නව විදෙස් ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීම, විදෙස් ගමන් බලපත්‍රයක් අලුත් කිරීම, රියදුරු බලපත්‍රයක් අලුත් කිරීම, මෝටර් රථ ලියාපදිංචි කිරීම, හැඳුනුම්පත් ලබා ගැනීම හෝ අලුත් කිරීම සහ උප්පැන්න සහතික පිටපත් ලබා ගැනීමට මහජනතාවට හැකිවිය යුතුය. මේ සඳහා ජාතික හැඳුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය සහ මෝටර් රථ ලියාපදිංචිය සඳහා ඉලෙක්ට්‍රොනික දත්තගබඩා ස්ථාපිත කිරිමට අවශ්‍ය වනු ඇත. 

ප්‍රධාන මාර්ගවලට මායිම්ව ඇති වෙළඳසැල් සඳහා වෙළඳ අවසරයක් ක්‍රියාත්මක කරන්න. වර්තමානය වන විට, වෙළඳසැල් පවත්වාගෙන යන්නේ, පාරිභෝගිකයන්ට වාහන නැවැත්වීමේ පහසුකම් ද නොමැතිවයි. ඇතැම් වෙළඳසැල් සහ ඒවායේ ක්‍රියාකාරකම් මාර්ග අවහිර කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මාර්ග තදබදය ඇතිවී ඉන්ධන පවා අපතේ යයි. යම් ව්‍යාපාරික කටයුත්තක් සඳහා ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටි දේපලක් භාවිතා කිරීමට යමෙකුට අවශ්‍ය නම්, ඊට නව අවසර ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි. එවැනි අවසරයක් ලබා ගැනීම සඳහා, මාර්ගයේ මධ්‍යය අතර කලින් තීරණය කළ ඉඩක් එම වෙළඳසැල සතුවිය යුතුය. අඩි 60 ක මාර්ගයක් නම්, ව්‍යාපාරික ස්ථානය අවම වශයෙන් මාර්ග මධ්‍යයේ සිට අඩි 50 ක් පමණ දුරින් වත් පිහිටා තිබිය යුතුය. මෙමගින් වාහන නැවැත්වීම සහ අනෙකුත් වෙළඳසැල් කටයුතු රථවාහන ගමනාගමනයට බාධාවකින් තොරව සිදු කළ හැකිවනු ඇත. සාප්පු හිමියන්ට මෙය පිළිපැදීම සඳහා මාස 12 ක කාලයක් ලබා දිය යුතු අතර, ඉන් අනතුරුව වෙළඳ අවසරය අවලංගු කළ යුතුය. 

බොහෝ රටවල, කාර්යාල ආරම්භ කරන සහ අවසන් වන වේලාවන්හි වාහන නැවැත්වීම තහනම් කර ඇති සීමාවන් තිබේ. නගරය දෙසට යන මාර්ගවල වම් පස පෙ.ව. 6 – 10 දක්වා කාලය තුළ වාහන නැවැත්වීම තහනම් කළ යුතුය. එසේම නගරයෙන් ඉවතට යන මාර්ගයේ වම් පස ප.ව. 4 – 7 දක්වා කාලය තුළ වාහන නැවැත්වීම තහනම් කළ යුතුය. මෙය මාර්ග තදබදය ද සැලකිය යුතු මට්ටමකින් අවම කරනු ඇත. 

රට අලංකරණය කිරීම

බොහෝ රටවල, මාර්ගවලට මායිම්ව ඇති දේපල ගොඩනැගිලි හෝ ගොඩබිම හොඳින් පිළිවෙලට නඩත්තු කළ යුතු අතර, එසේ නොවුනහොත් විශාල දඩයකට මුහුණ දීමට සිදුවේ. ශ්‍රී ලංකාවේ, තීන්ත ආලේප නොකළ තාප්ප හා ගරාවැටුණු ගොඩනැගිලි සහ සංඥා පුවරු විශාල සංඛ්‍යාවක් සහිත කඩ සාප්පු රාශියක් දැකගත හැකිය. මාර්ගවලට මායිම්ව ඇති දේපළ නිසිලෙස නඩත්තු කිරීම, පළාත් පාලන ආයතනවල අධීක්ෂණය යටතේ සහතිකකළ යුතු බවට නීතියක් සම්මත කළ යුතුය. එමෙන්ම, දේපලකට ප්‍රදර්ශනය කළ හැකි සංඥා සහ ප්‍රවර්ධන පුවරු සංඛ්‍යාව ද මෙම නීතියෙන් ආවරණය කළ යුතු අතර, එවැනි සංඥා සඳහා සීමිත සම්මත ප්‍රමාණ හඳුන්වා දී තිබිය යුතුය. පාසල්වලට සහ රජයේ ආයතනවලට පෞද්ගලික අංශයේ අනුග්‍රහය ද ලබාගෙන අනුග්‍රාහකයාට ප්‍රචාරණය සඳහා සියයට 10 ක ඉඩක් වෙන්කළ හැකිය. 

ප්‍රධාන මාර්ගවලට මායිම්ව ඇති වෙළඳසැල් සඳහා වෙළඳ අවසරයක් ක්‍රියාත්මක කරන්න. වර්තමානය වන විට, වෙළඳසැල් පවත්වාගෙන යන්නේ, පාරිභෝගිකයන්ට වාහන නැවැත්වීමේ පහසුකම් ද නොමැතිවයි. ඇතැම් වෙළඳසැල් සහ ඒවායේ ක්‍රියාකාරකම් මාර්ග අවහිර කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මාර්ග තදබදය ඇතිවී ඉන්ධන පවා අපතේ යයි. යම් ව්‍යාපාරික කටයුත්තක් සඳහා ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටි දේපලක් භාවිතා කිරීමට යමෙකුට අවශ්‍ය නම්, ඊට නව අවසර ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි. එවැනි අවසරයක් ලබා ගැනීම සඳහා, මාර්ගයේ මධ්‍යය අතර කලින් තීරණය කළ ඉඩක් එම වෙළඳසැල සතුවිය යුතුය. අඩි 60 ක මාර්ගයක් නම්, ව්‍යාපාරික ස්ථානය අවම වශයෙන් මාර්ග මධ්‍යයේ සිට අඩි 50 ක් පමණ දුරින් වත් පිහිටා තිබිය යුතුය. මෙමගින් වාහන නැවැත්වීම සහ අනෙකුත් වෙළඳසැල් කටයුතු රථවාහන ගමනාගමනයට බාධාවකින් තොරව සිදු කළ හැකිවනු ඇත. සාප්පු හිමියන්ට මෙය පිළිපැදීම සඳහා මාස 12 ක කාලයක් ලබා දිය යුතු අතර, ඉන් අනතුරුව වෙළඳ අවසරය අවලංගු කළ යුතුය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan