බ්ලෙක් ලංකාවට ස්තූතියි කියයි

Date:

ලොව මීටර් 100 සහ 200 පිිමි ඉසව්වල ලෝක වාර්තාවට පසුව හොඳම කාලයන් වාර්තා කර තිබෙන යොහාන් බ්ලේක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ලෝලීන්ට තම ස්තූතිය පුද කළ බව ශ්‍රී ලංකා මීටර් 100 සහ 200 ජාතික වාර්තාලාභි යුපුන් අබේකොන් පවසනවා.ජැමෙයිකාව නියෝජනය කරන යොහාන් බ්ලේක් සහ යුපුන් මැයි 31 වන ද ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් තරගයට සහභාගි වන බව දැන යුපුන්ට සහ බ්ලේක්ට සුබපැතූ ලාංකේය ජනතාව දැක තමා සතුටට පත් වූ බව පවසා ඇති බ්ලේක් ඒ වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන්ට සිය ස්තූතිය ප්‍රකාශ කරන ලෙස පවසා තිබෙනවා.

එසේම යුපුන් සඳහන් කරන්නේ තමන් පසුගිය කාලයේ දැක් වූ දස්කම් සම්බන්ධයෙන්ද ලොව දෙවන වේගවත්ම මිනිසා ඉතා ප්‍රශංසාවෙන් කතා කළ බවයි.බෝල්ට් ගේ ලෝක වාර්තා වන්නේ මීටර් 100 ඉසව්වට තත්පර 9.58 කි.අනතුරුව ටයිසන් ගේ සහ බ්ලේක් තත්පර 10.69 ලෙස සම කාලයන් වාර්තා කර තිබෙනවා.මීටර් 200 ඉසව්ව සඳහා බෝල්ට් තත්පර 19.19 ක් වාර්තා කරන තිබෙන අතර බ්ලේක් දෙවන තැන සිටින්නේ තත්පර 19.26 ක කාලයක් වාර්තා කරමින්.

බ්ලේක් කළක් ජැමෙයිකාවේ පුහුණුව ලැබූ හිටපු ශ්‍රී ලංකා කෙටි ධාවන සූරයෙක් වන ෂෙහාන් අඹේපිටිය සමඟ එකට පුහුණුවීම් කළ අයෙක් වන අතර මේ වන ශ්‍රී ලංකාව බිහි කළ වීශිෂ්ඨතම කෙටි දුර ධාවකයා ලෙස අවිවාදිත යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වට තත්පර 10.06 ක් ද මීටර් 200 ඉසව්වට තත්පර 20.37 ක් ද වාර්තා කරමින් එම ඉසව් දෙකේ ශ්‍රි ලංකා වාර්තා මෙන්ම දකුණු ආසියාතික වාර්තාවන්ටද හිමිකම් කියනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහම්බයක් ….

පුරාවිද්‍යාව හදාරමින් සිටි යුගයකදීමිනිසා සහ අශ්ව හිස ළඟදීඅහම්බයකින්ය අප...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 17) දිනයේදී බස්නාහිර සහ...

ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය...

ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමු අමුවේ උල්ලංඝනය කරනවා – විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන්...