මහලොකු විශ්වවිද්‍යාල ආචාර්යවරු ළඟ තියෙනවද හදපු පැකේජ් එකක් ? – ඇමති ලාල් වි.වි. ආචාර්යවරුන්ට සැරටම අමතයි !

Date:

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයට කියන්නට දෙයක් නැතිකමට නිකරුණේ විවේචනය කරන බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කිරීම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු අධ්‍යාපනඥයින්ගේ වගකීමක් වුවත් ඔවුන් එය ඉටුකර නොමැති බවත් කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“අගමැතිතුමිය – ඔය රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයක් කියලා එකක් තියෙනවානෙ, FUTA එක කියලා එකක් – ඒකෙ කට්ටියට දීලා සාකච්ඡාවක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන. ඒගොල්ලො සාකච්ඡාවෙ ඉඳලා එළියට ඇවිල්ලා කියනවා මේකෙ සාකච්ඡාවක් නැල්ලු. ජනතාවත් එක්ක සාකච්ඡා කරලා නැල්ලු. ඒගොල්ලන්ට ඒකට සාකච්ඡාවක් දීලා නැල්ලු. මේ සාකච්ඡාවෙ ඉඳලා එළියට බැහැලා කියන්නෙ. අපි අහන්න කැමතියි ඔය කියන අධ්‍යාපනඥයින්ගෙන්, මහලොකු පොරවල්ගෙන්, විශ්වවිද්‍යාල ආචාර්ය සංගමෙන්, මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඕගොල්ලො හදපු පැකේජ් එකක් ඕගොල්ලො අතේ තියෙනවාද ? ඒකට ආණ්ඩුව ඕනෙ නෑනෙ, හදලා තියාගන්න එපැයි ! මෙතන විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන්නවාද නැද්ද මං දන්නෙ නෑ, රටේ ඉන්නවානෙ. අපි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් අහනවා කෝ ඕගොල්ලො හදපු පැකේජ් එක ? ඕගොල්ලො අතේ තියෙනවාද හදපු පැකේජ් එකක් ? ව්‍යාපෘතියක් ? එහෙම නෑ … දැන් කියනවා අගමැතිතුමිය අතේ නැල්ලු එහෙම එකක්. අගමැතිතුමිය මූලික කෙටුම්පතක් දාලා තියෙනවා දළ එකක්. ජනතාවත් එක්ක සාකච්ඡා කරමින් ඒක හදාගන්න ඉඩ තියෙනවා, ෆ්ලෙක්සිබල්. කියන්න දෙයක් නැතිව මොනවාහරි කියනවා”

අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති උත්සවයක් අමතමිනි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යනු වත්මන් රජය බලයට ගෙන ඒමට විශාල මතවාදී දායකත්වය ලබාදුන් පිරිසක් වන අතර සහ ඔවුන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් වත්මන් ආණ්ඩු පක්ෂයේ සාමාජිකයින් ද වෙති. වත්මන් අගමැති හරිනි අමරසූරිය මහත්මිය ද ක්‍රියාකාරී දේශපාලනයට මුලින්ම පැමිණියේ මීට වසර ගණනකට පෙර FUTA ගෙනගිය 6% අරගලය තුළිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Kuril Islands ආසන්නයේ අදත් භූමිකම්පාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද...

ප්‍රචණ්ඩත්වය සහ නවකවදයට කිසිදු සමාවක් නෑ – අග්‍රාමාත්‍ය හරිනි

රෂිකා හෙන්නායක අගෝස්තු 03, කොළඹ LNW: වව්නියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි...

බංග්ලාදේශයේ හිටපු නායිකා ෂෙයික් හසීනාට එරෙහි නඩු විභාගය ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශ නායිකා ෂෙයික්...