තිලින ගමගේ ළඟින්ම සබඳතා පැවැත්වූ නීතීඥයින් පිරිසක් ගැනත් විමර්ශන. හිටපු ඇමති පුතෙකුත් ඒ අතර ?

Date:

විෂමාචාර චෝදනා එල්ල වී සිටින තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයා සමග ළඟින්ම සබඳතා පැවැත්වූ එක්තරා ජනාධිපති නීතීඥවරයකු ඇතුළු නීතීඥවරුන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් නැවතත් විමර්ශනය කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව මේ වනවිට කටයුතු කරමින් සිටින බව විශ්වාසදායක ආරංචිමාර්ග පවසයි.

මෙම නීතීඥවරුන් අතර එක්තරා හිටපු ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයකුගේ පුත්‍රයෙක්, තමන් තිලින ගමගේගේ නීතීඥයා වශයෙන් තැන තැන කියමින් ගිය අයෙක් මෙන්ම නමට ගමගේ කොටසක් ඇති අයෙකු ද සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙම නීතීඥවරුන්ට එරෙහිව ලැබී ඇති පැමිණිලි දෙකම ඉදිරිපත් කර ඇත්තේ ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු විසින් බවත්, ඔවුන් පැමිණිලි කර ඇත්තේ මුදල් ලබාගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නීතිවිරෝධී ලෙස අලි පැටවකු ළඟ තබාගැනීමේ සිද්ධියට අදාළව විෂමාචාර චෝදනා ඇතුළත් චෝදනා පත්‍රයක් තිලින ගමගේ මහතාට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පසුගිය ජුනි මාසයේදී යොමුකර තිබුණු අතර ඔහුව සේවයෙන් පහකිරීමට තීරණය කර ඇති බව ඊයේ (02) දිනයේදී වාර්තා වී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...