රෂිකා හෙන්නායක අගෝස්තු 03, කොළඹ LNW :
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 08 වැනි ලෝක යොවුන් මිහිකත රූ රැජින තරගාවලියට සහභාගී වීම සදහා මවිති පුන්සරණි මෙනවිය ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වේ .
අද දින සිට ලබන සෙනසුරාදා දින දක්වා ඉන්දියාවේ ජායිපූර් හීදී මෙය පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලිය වයස අවුරුදු 20 ට අඩු ලෝකයේ රටවල් 25 ක යොවුන් රූ රැජිනියන් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බව සඳහන් වේ.
මවිති පුන්සරණි ඊයේ දින රාත්‍රී 09.55 ට ඉන්දියාවේ මුම්බායි නුවර බලා ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 E . – 1186 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය අතර , ඇය එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් ජායිපූර් බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.
මේවනවිට 19 හැවිරිදි වියේ පසුවන මවිති පුන්සරණි නිරූපන ශිල්පිනියක වන අතර යොවුන් මිහිකත රූ රැජින ශ්‍රී ලංකා තරගාවලියේ අධ්‍යක්ෂ සහ ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා මෙන්ම ඇයගේ දෙමාපියන් , නෑදෑ හිතවතුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇයට සුභ පැතීම සදහා පැමිණ සිටි බව සඳහන් වේ .

