විදේශකයින්ට තාවකාලික රියදුරු බලපත්‍ර ලබාගැනීමට ගුවන්තොටින් නව කවුළුවක් !

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 03 කොළඹ LNW :

අද (3) සිට , කෙටි කාලීන වීසා මත මෙරටට සංචාරය සඳහා පැමිණෙන විදේශකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීමට අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයෙහි ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ, සංචාරකයින්ට තාවකාලිකව රියදුරු බලපත්‍ර ලබාගෙන සංචාර ගමනාන්තය දක්වා ගමන් කිරීමේ හැකියාව පවතින බවයි.

සංචාරකයින්ගේ පහසුව පිණිස අද (3) සිට මෙම කටයුතු කටුනායක ගුවන් තොටුපලෙහිදී අරඹීමට තීරණය කොට තිබෙන අතර, මෙතෙක් එම කටයුතු සිදුකරුණේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේදී යි.

කොමසාරිස්වරයා පවසන්නේ, මෙරටට සංචාර සඳහා පැමිණෙන විදේශකයින් බොහෝ විට කටුනායක ගුවන් තොටුපළ හෝ ඊට ආසන්න ස්ථානවලින් වාහන කුලී පදනම මත ලබාගෙන ඔවුන්ම රියදුරන් සේ කටයුතු කරමින් සිය සංචාර වල නිරත වන බවත් , මේ සඳහා යතුරුපැදි සහ ත්‍රිරෝද මෙන්ම සැහැල්ලු වාහන ද යොදාගන්නා බව පෙනී ගොස් ඇති බවයි.

නව ක්‍රමවේදය යටතේ විදේශිකයින්ට සැහැල්ලු වාහන හා යතුරු පැදි සඳහා පමණක් බලපත්‍ර නිකුත් කෙරෙන අතර, බර වාහන හෝ ත්‍රී රෝද රථ සඳහා රියදුරු බලපත් නිකුත් නොකරන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...