නිශ්මං රණසිංහ අගෝස්තු 03, කොළඹ LNW:
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) හි හයවැන්න 2025 නොවැම්බර් 27 සිට දෙසැම්බර් 23 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
කොළඹ RPICS;පල්ලෙකැලේ; සහ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණ ඉලක්ක කර ගනිමින් පැවත්වෙන මෙම තරගාවලිය එම කාලයේ පැවත්විමේ අරමුණ 2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සමඟ පෙළගැස්වීම බව LPL හි තරඟාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පැවසීය.
ජාත්‍යන්තර ආකර්ෂණයක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය T20 තරගාවලිය වන LPL, රටේ ඉහළම පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරු සමඟ තරඟ කිරීමට සහ ඔවුන්ට එරෙහිව තරඟ කිරීමට උද්වේගකර වේදිකාවක් සකස් කර දෙයි.2020 වසරේ සමාරම්භයේ සිට ලංකා ප්‍රිමියර් ලීගය වාර්ෂිකව පවත්වනු ලබන අතර එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දින දර්ශනයේ වැදගත් අංගයක් බවට පත්ව ඇත.
