අපි 8.3ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන තියනවා. දැන් සංචිත ඩොලර් බිලියන 6.5 යි, අපි ගන්නකොට 3ක්වත් තිබ්බෙ නෑ – ඇමති TB

Date:

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් බවත් සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් අත්පත් කරගෙන ඇති බවත් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“මේ ආණ්ඩුව ආර්ථිකමය ලෙස ශක්තිමත්. සාමාන්‍යයෙන් ගත්තොත් අද ඇමරිකානු ඩොලර් බිලියන 6.5 කට ආසන්නව විදේශ වත්කම්වලින් පොහොසත්. අපි ගන්නකොට ඇමරිකන් ඩොලර් බිලියන 3ක්වත් තිබුණෙ නෑ වියදම් කරන්න. අද විශාල ලෙස අවුරුද්දක් යන්නත් කලින් – අවුරුද්ද සම්පූර්ණ වෙන්නෙ ලබන සැප්තැම්බර් වෙනකොට – අපි ඇමරිකන් ඩොලර් බිලියන 6.50 කට වඩා විශාල සංචිතයක් සතුව ඉන්නවා. අපේ ආර්ථික වර්ධන වේගය 8.3ක ආර්ථික වර්ධන වේගයක් අපි අත්පත් කරගෙන තියෙනවා. සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් අත්පත් කරගෙන ඉන්නවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දියුණුවක් – 13%ක ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයක් අත්පත් කරගෙන තියෙන්නෙ. ඒ නිසා ක්‍රමානුකූලව රට යහපත් වෙමින් තියෙන්නෙ”

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව රජඇල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

කෙසේවෙතත්, මෙහි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන 8.3%ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන ඇතිය යන කරුණ සාවද්‍ය වේ. එසේම ජාජබ බලය ලබාගත් 2024 සැප්තැම්බර් මාසය වනවිට වියදම් කළ හැකි සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 3ක්වත් නොතිබුණු බවට නියෝජ්‍ය අමාත්‍යවරයා කරන ප්‍රකාශය ද සාවද්‍ය වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...