අපි 8.3ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන තියනවා. දැන් සංචිත ඩොලර් බිලියන 6.5 යි, අපි ගන්නකොට 3ක්වත් තිබ්බෙ නෑ – ඇමති TB

Date:

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් බවත් සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් අත්පත් කරගෙන ඇති බවත් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“මේ ආණ්ඩුව ආර්ථිකමය ලෙස ශක්තිමත්. සාමාන්‍යයෙන් ගත්තොත් අද ඇමරිකානු ඩොලර් බිලියන 6.5 කට ආසන්නව විදේශ වත්කම්වලින් පොහොසත්. අපි ගන්නකොට ඇමරිකන් ඩොලර් බිලියන 3ක්වත් තිබුණෙ නෑ වියදම් කරන්න. අද විශාල ලෙස අවුරුද්දක් යන්නත් කලින් – අවුරුද්ද සම්පූර්ණ වෙන්නෙ ලබන සැප්තැම්බර් වෙනකොට – අපි ඇමරිකන් ඩොලර් බිලියන 6.50 කට වඩා විශාල සංචිතයක් සතුව ඉන්නවා. අපේ ආර්ථික වර්ධන වේගය 8.3ක ආර්ථික වර්ධන වේගයක් අපි අත්පත් කරගෙන තියෙනවා. සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් අත්පත් කරගෙන ඉන්නවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දියුණුවක් – 13%ක ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයක් අත්පත් කරගෙන තියෙන්නෙ. ඒ නිසා ක්‍රමානුකූලව රට යහපත් වෙමින් තියෙන්නෙ”

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව රජඇල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

කෙසේවෙතත්, මෙහි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන 8.3%ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන ඇතිය යන කරුණ සාවද්‍ය වේ. එසේම ජාජබ බලය ලබාගත් 2024 සැප්තැම්බර් මාසය වනවිට වියදම් කළ හැකි සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 3ක්වත් නොතිබුණු බවට නියෝජ්‍ය අමාත්‍යවරයා කරන ප්‍රකාශය ද සාවද්‍ය වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...