විශිෂ්ඨයන් අහුරක් එක මිටකට වීමේ සවිය රනිත්මා එංගලන්තයේදී පෙන්වයි.

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 04, කොළඹ LNW:

ලාංකේය කාන්තා බැඩිමින්ටන් වංශ කතාව වෙනස් කිරීමට හැකි ශක්තියක් පෙන්වමින් සිටින රනිත්මා ලියනගේ සුළු කාලයක දැක් වූ නිහඩතාවය බිඳ දමමින් යළිත් පිබිඳ ඇත.ඒ එංගලන්තයෙන්ය.එහිදී අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩයට වෙන් වූ යොනෙක්ස් සමස්ත එංගලන්ත කණිෂ්ඨ බැඩිමින්ටන් සූරතාවලියේ කාන්තා සූරිය වෙමින්ය.


ශ්‍රී ලංකා බැඩිමින්ටන් වෙත මැක්ලරන්ස් සමූහයෙන් ලැබුණු අනුග්‍රහයන් අතරින් අනගිම දායාදයක් වන රනිත්මා වෙත පිදෙන අනුග්‍රාහකත්වවයට අරුතක් එක් කිරීමට රනිත්මා මෙම ජයග්‍රණයත් සමඟ සමත් වූවාය.දැනට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 109 වන තැන පසුවන රනිත්මාගේ එළැඹෙන ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් වන බලාපොරොත්තු දීප්තියෙන් බබලවමින් තිබෙන්නේ, මැක්ලරන්ස් අනුග්‍රහයේ විශිෂ්ඨත්වය තවත් විජයග්‍රහණ සපිරි දෑත් එක් කරමින් ශක්තිමත් කර තිබෙන බැවින්ය.


වර්ථමානයේ ඇයගේ පුහුණුකාරීත්වය පැවරී ඇත්තේ ශ්‍රී ලංකාව බිහි කළ තවත් ප්‍රබල බැඩිමින්ටන් කූීඩකයින් දෙදෙනෙකු වන දිලූක කරුණාරත්න සහ දිනුක කරුණාරත්න වෙතය.එයට ජාතික මට්ටමේ කැපී පෙණුන තවත් ක්‍රීඩකයෙකු වන සචින් ඩයස්ගේද සහය හිමිව ඇත.ඔවුන් ජාතිය නියෝජනය කරමින් අන්තර්ජාතික ජයග්‍රහණ හරහා ශ්‍රී ලංකාවට ගෞරවය ගෙනා ක්‍රීඩකයෝ වෙති.ලන්ඩන් නුවර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක ඔස්ටර්ලී (OSTRELEY) බැඩිම්න්ටන් ඇකඩමිය සමඟ සිය පුහුණු කටයුතු කරගෙන යන රනිත්මා ගේ කළමණාකාරීත්වය දරන්නේ ද මේ වන විට ශ්‍රී ලංකාව මේ දක්වා බිහි කළ සුපිරිතම බැඩිමින්ටන් ක්‍රීඩකයා ලෙස සැළකෙන නිලූක කරුණාරත්න වීම ද මෙහිදී සිහිපත් කළ යුතුමය.


මේ අනුව මැක්ලරන්ස් රනිත්මාගේ පිටුපස සිට විශිෂ්ඨයක් අහුරක් එක දෝතක් කර ඇයගේ අනාගතය වෙනුවෙන් සකස් කර තිබීම වැදගත්ය.ඒ අනුව ඔස්ටර්ලි ඇකඩමි අධික්ෂණය මත මේ වන විට රනිත්මාට ලැබෙන ඉදුම් හිටුම් ආහාර පාන ආදි සියලු පහසුකම් ද,දකුනේ හිතෛශීවන්ත භාවයේ උණුසුම ද, ලන්ඩන් අහස යට දනවන විශ්වසනීය ඥාතීත්වයක් මිත්‍රත්වයක් නිර්මාණය කර තිබීම ඉදිරියට වැදගත්ය.ඉලක්ක පහසුවෙන් හැර නොයන කරුණාරත්නලාගේ සටන්කාමීත්වය ද අභාෂයට ගනිමින් ඉලක්ක වෙත යාමට අවශ්‍යය ජාත්‍යන්තර පහසුක්ම් නොමසුරුව ලබා දෙන්නට සහ සැළස්මක් සහිතව සාර්ථකත්වයේ සිහින සැබෑ කර ගන්නට මඟ පෙන්වන දැක්මක් සහිත මැක්ලරන්ස් අනුග්‍රහය ද සමඟ නැඟී සිටින රනිත්මා එහි පළමු ජය්‍රහණය ලෙස එංගලන්ත කණිෂ්ඨ තරගාවලිය ජය ගැනීම හැඳින්විය හැකිය.


රනිත්මා මේ තරගාවලියේ 64 දෙනාගේ වටයේ සිට අවසාන තරගයේදී එංගලන්තයේ අහානා භාතියා පරාජය කිරීම දක්වා වූ තරග පහේදීම දැක් වූයේ පරිනත ක්‍රීඩා විලාශයක්ය.භාතියා පරාජය කිරීමේ ලකුණු සටහන දැක් වුණේ 21 – 11 සහ 21 – 7 ක් ලෙස ය.ඇය අවසාන පූර්ව තරගය නිමා කළේ අයර්ලන්තයේ මිචෙලි ශොච්හාන් ලකුණු 21 – 15 සහ 21 – 10 ක් ලෙස පරාජය කරමින්ය.ඇය අර්ධ අවසන් පූර්ව තරගයෙන් එතෙර වූයේ එංගලන්තයේ රජීවි ප්‍රභා ලකුණු 21 – 7 සහ 21 – 12 ලෙස පරාජයට පත් කරමින්ය.


අගොස්තු 3 වන දා මේ විජයග්‍රාහී වික්‍රමය හමාර කළ රනිත්මා,අගොස්තු 4 වන දා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 5 වන දා නයිවලදී ඇරඹෙන ශ්‍රී ලංකාවේ සංවිධානය වන ජාත්‍යන්තර කණිෂ්ඨ තරගාවලියට මුහුණ දෙන්නටය.එය විශිෂ්ඨයන් පොකුරක් එක මිටකට ගෙන ඇති මොහොතක රටකට සතුටු වෙන්නට පුළුවන් තවත් ජයග්‍රහණයක බලාපොරොත්තු ඉහළ නංවන මොහොතක් වෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ!

කොළඹ LNW:සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද...

නෙතන්යාහුගේ කාරුණික ඉල්ලීම!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර...

යෝෂිත හා මිත්තණියට එරෙහි නඩුව කල් යයි!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද...

Steve Witkoff ලබන සතියේ රුසියාවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ යුද්ධය පිළිබඳ...