Celebrity Buzz: සිඩ්නි ස්වීනි ගේ රිපබ්ලිකන්භාවය ට්‍රම්ප්ගේ හඳ උණු කරවයි; American Eagle දැන්වීමටත් ප්‍රශංසා!

Date:

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්, ඔවුන්ගේ අලගිය මුලගිය තැන්, සැමරුම්, ඉන්ටර්විව්ස්, රතු පලසෙහි ඇස් ගිය තැන්, උපන්දිනයන්.. එකී මෙකී නොකී දෑ දැන ගැනීමට හැකි වනු ඇත. රැඳී සිටින්න අප සමඟ!

සටහන – පුලී

අගෝස්තු 04, කොළඹ (LNW):  අද “Celebrity Buzz” තුළින් අපි ට්‍රම්ප් ගේ හිත ගිය සිඩ්නි ස්වීනිගේ යටගියාව දෙස බලමු!

හොලිවුඩයේ නැගී එන තාරකාවක වන සිඩ්නි ස්වීනිට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රශංසා ලැබී ඇතැයි වාර්තා වෙයි.

ට්‍රම්ප් ඉකුත් සති අන්තයේ නිළියගේ මතභේදාත්මක American Eagle ජීන්ස් දැන්වීම ගැන උනන්දු වූයේ ඇගේ දේශපාලන පාක්ෂිකත්ව වාර්තාවන් හෙළි වීමෙන් පසුවය.


ඉන් උද්දාමයට පත් වූ ට්‍රම්ප් “ඇය ලියාපදිංචි වූ රිපබ්ලිකන් කෙනෙක්ද?” ඉරිදා පෙන්සිල්වේනියාවේ ඇලන්ටවුන් නුවරින් පිටත්ව යන අතරතුර වාර්තාකරුවන්ගෙන් ඇසුවේය.

“ඒක හරිද, සිඩ්නි ස්වීනි රිපබ්ලිකන් කෙනෙක් ද?” ඔහුගේ උද්දාමය තව තවත් වැඩි වූවා මිස අඩු වූයේ නැත.

කොපමණ දෙනෙක් රිපබ්ලිකන් පාක්ෂිකයෝද කියා ඔහු පුදුම වන බවත්, ඔහු එය දැනගෙන නොසිටි බවත් ජනාධිපතිවරයා පැවසීය.

“ඔයා මට ඒක කිව්වට සතුටුයි”,”දැන් මම ඇයගේ ඇඩ් එකට කැමතියි” ට්‍රම්ප් තවදුරටත් ප්‍රකාශ කළේ හරි උජාරුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...