Steve Witkoff ලබන සතියේ රුසියාවට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

යුක්රේනයේ යුද්ධය පිළිබඳ සාකච්ඡා දිගටම කරගෙන යාම සඳහා තම විශේෂ නියෝජිත Steve Witkoff ලබන සතියේ රුසියාවට පැමිණෙන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.

එහිදී, රුසියාව යුක්රේනයට එරෙහි යුද්ධය ගැන විට්කොෆ් විසින් සාකච්ඡා කරනු ඇති අතර, ට්‍රම්ප් පවසන්නේ ‘මිනිසුන් මරා දැමීම නවත්වන ගනුදෙනුවක්’ තමාට අවශ්‍ය බවයි.

ඊයේ(03) මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් පැවසුවේ “මම හිතන්නේ විට්කොෆ් ලබන සතියේ, බදාදා හෝ බ්‍රහස්පතින්දා” රුසියාවට පැමිණෙන බවයි.

සම්බාධක පැනවීම වළක්වා ගැනීම සඳහා රුසියාවට කළ හැක්කේ කුමක්දැයි වාර්තාකරුවන්ගෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේ, “ඔව්, මිනිසුන් මරා දැමීම නවත්වන ගිවිසුමක් ඇති කර ගන්න.”අවශ්‍යයි යනුවෙනි.

ඉක්මනින් යුක්රේනය සමඟ සටන් විරාම ගිවිසුමකට එළඹීමට අපොහොසත් වුවහොත් රුසියාවට “ඉතා දැඩි තීරුබදු” පනවන බවට ට්‍රම්ප් තර්ජනය කර තිබේ.

හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් සමඟ ඇති වූ අන්තර්ජාල ආරවුලකින් පසු ඔහු යෙදවූ න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් දැන් “කලාපයේ” ඇති බව ද ට්‍රම්ප් පැවසීය.

එහිදී ට්‍රම්ප් අදහස් කළේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනද නැතහොත් න්‍යෂ්ටික සන්නද්ධ සබ්මැරීනද යන්න ප්‍රකාශ කර නැත. එක්සත් ජනපද හමුදාව විසින් රහසිගතව තබා ඇති නිශ්චිත ස්ථානගත කිරීමේ ස්ථාන පිළිබඳව ද ඔහු විස්තර කළේ නැත.

යුක්රේනයේ අගනුවර වන කියෙව්හි මහල් නිවාස සංකීර්ණයකට රුසියානු ප්‍රහාරයක් එල්ල වීමෙන් බ්‍රහස්පතින්දා පුද්ගලයින් 31 දෙනෙකු මිය යාමෙන් පසු, යුක්රේනයට එරෙහි යුද්ධයේදී රුසියාව ගත් ක්‍රියාමාර්ග “පිළිකුල් සහගත” බව මෑතකදී ට්‍රම්ප් පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...