නෙතන්යාහුගේ කාරුණික ඉල්ලීම!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන්ට ආහාර හා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා සහයෝගය ලබාදෙන ලෙසයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ කලාපීය ප්‍රධානී ජූලියන් ලෙරිසන් සමඟ සාකච්ඡාවකට එක්වුණ අතර එහිදී මෙම ඉල්ලීම සිදු කළ බව වාර්තා වේ.

ඊශ්‍රායල බලධාරීන් සඳහන් කරන්නේ ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු මේ වනවිට ගාසා තීරයේ රැඳී සිටින බවයි.

ඔවුන්ගෙන් 20 දෙනෙකු පමණක් ජීවතුන් අතර සිටින බවට විශ්වාස කෙරෙන අතර, හමාස් සංවිධානය භාරයේ රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුකරුවෙකු වන එවියතාර් ඩේවිඩ්ගේ වීඩියෝවක් හමාස් සටහන්කාමීන් පෙරේදා මුදා හැර තිබුණි.

ඔහුගේම සොහොන සඳහා ඩේවිඩ් වළක් හාරමින් සිටින ආකාරය එම වීඩියෝවෙන් දර්ශනය වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...

විගණකාධිපතිනිය කථානායක ජගත් හමුවේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි

සටහන - රුවන් නෙළුගොල්ල නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා...