නෙතන්යාහුගේ කාරුණික ඉල්ලීම!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන්ට ආහාර හා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා සහයෝගය ලබාදෙන ලෙසයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ කලාපීය ප්‍රධානී ජූලියන් ලෙරිසන් සමඟ සාකච්ඡාවකට එක්වුණ අතර එහිදී මෙම ඉල්ලීම සිදු කළ බව වාර්තා වේ.

ඊශ්‍රායල බලධාරීන් සඳහන් කරන්නේ ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු මේ වනවිට ගාසා තීරයේ රැඳී සිටින බවයි.

ඔවුන්ගෙන් 20 දෙනෙකු පමණක් ජීවතුන් අතර සිටින බවට විශ්වාස කෙරෙන අතර, හමාස් සංවිධානය භාරයේ රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුකරුවෙකු වන එවියතාර් ඩේවිඩ්ගේ වීඩියෝවක් හමාස් සටහන්කාමීන් පෙරේදා මුදා හැර තිබුණි.

ඔහුගේම සොහොන සඳහා ඩේවිඩ් වළක් හාරමින් සිටින ආකාරය එම වීඩියෝවෙන් දර්ශනය වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...