ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ!

Date:

කොළඹ LNW:සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (04) රාත්‍රී විදි සංචාරය කිරිමට නියමිතයි.

පෙරහැර නැරඹීම සඳහා මේ වන විටත් සැදැහැවතුන් විශාල වශයෙන් පෙරහැර මඟ දෙපස රැදී සිටී.

පස්වරු 06.44ට උතුරු දිශාභිමුඛව පිටත්වන පෙරහැර සිව් මහ දේවාල පෙරහැර සමඟින් දළඳා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජවීදියෙන් ඉහළට විත් යළි ගෙවැදීමට නියමිතය.

අද සිට පුරා දින 05ක් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන අතර අගෝස්තු මස 08 වන දින රාත්‍රී අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරයි.

සිව් මහ දේවාල ගැටඹේ දිය කපනා ගං තොටේදී දිය කැපීම හා පසුදින දහවල් පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව දියවඩන නිලමේවරයා විසින් පෙරහැර අවසන් බව සදහන් සන්දේශය ජනාධිපතිවරයා වෙත භාර දීමෙන් අනතුරුව මෙවර වාර්ෂීක පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...

විගණකාධිපතිනිය කථානායක ජගත් හමුවේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි

සටහන - රුවන් නෙළුගොල්ල නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා...