නිලූකාගේ සහ සුගන්ධිගේ යුද අවිවලින් කෝල්ට්ස් විසුණු වෙයි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 04, කොළඹ LNW:

ප්‍රබල යුද හමුදා කණ්ඩායමේ කඩුලු 9 ක් ලකුණු 88 ට දවා ගන්නට කෝල්ට්ස් පන්දු යවන්නියන් සමත් වුව ද,යුද හමුදාවේ නිලූකා කුෂාන්ති ලකුණු 8 ට කඩුලු 4 ක් සහ සුගන්ධිකා කුමාරි ලකුණු 8 ට කඩුලු 3 ක් දවා ගනිමින් කෝල්ට්ස් කණ්ඩායමේ සියල්ලම ලකුණු 26 ට දවාලන්නට සමත් වුණා.ඒ අනුව යුද හමුදාව කාන්තා ප්‍රධාන පෙළ් සීමිත පන්දුවාර තරගාවලියේ සිය තෙවන ජයග්‍රහණය කෝල්ට්ස් පිළට එරෙහිව ලකුණු 62 ක ජයක් ලෙස වාර්තා කරන්නට සමත් වුණා.


මේ අතර නාවික හමුදා කණ්ඩායම ද සිය තෙවැනි ජය ඒස් කැපිටල් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයකින් වාර්තා කළා.පළමුව පන්දුවට පහර දුන් ඒස් කැපිටල් කණ්ඩායම පන්දු වාර 22 දී කඩුලු 6 ක් දැවී ලකුණුු 78 ක් රැස් කළ අතර වේගවත් හඹා යාමක නිරත වෙමින් නාවික හමුදාව පන්දු ඕවර් 10 දී කඩුලු 2 ක් දැවී ලකුණු 80 ක් වාර්තා කරන්නට සමත් වුණා.දැනට තරගාවලියේ වැඩිම ලකුණු එකතුව ලබා සිටින හර්ෂිතා සමරවික්‍රම මෙම තරගයේදී ද නොදැවී ලකුණු 21 ක් රැස් කරන්නට සමත් වුණා.පන්දු 15 න් හතරේ පහර 3 ක් සමඟ ඇය ලැබූ ලකුණු ප්‍රමාණය මෙන්ම පන්දු 18 දී ලකුණු 30 ක් ලැබූ හසිනි පෙරේරා ද ජයග්‍රහණය ඉක්මන් කිරීමට පියවර ගනු ලැබුවා.


චිලව් මේරියන්ස් කණ්ඩායම කඩුලු 7 ක ජයක් එස්එස්සී කණ්ඩායමට එහෙිහව වාර්තා කරමින් ඔවුන්ගේ අපරාජිත බව රැක ගැනීමට සමත් වුණා.කාව්‍යා කාවින්දි ලකුණු 17 ට කඩුලු 3 ක් සහ දෙව්මි විහංගා ලකුණු 20 ට කඩුලු 3 ක් දවා ගනිමින් එස්එස්සී කණ්ඩායම ලකුණු 121 ට සීමා කරත් එස්එස්සී ය වෙනුවෙන් ඉණිම ඇරඹූ ඉරේෂා ශ්‍යාමලී ලකුණු 39 ක් රැස් කරන්නට සමත් වුණා.චිලව් කණ්ඩායම වෙනුවෙන් සියලු බර දෙඋර මත තබා ගත් චමරි අතපත්තු ක්‍රියාත්මක වෙමින් පන්දු 74 න් ලකුණු 76 ක් නොදැවී ලබා ගෙන චිලව් කණ්ඩායම ජයග්‍රහණය කරා රැඟෙන ගියා.ඇයට සහයක් වෙමින් නොදැවී ලකුණ17 ක් ලැබූ මනුදි නානායක්කාර මෙන්ම විශේෂයෙන් ශෂිනි ගිම්හානි පන්දු 65 ට මුහුණ දී ලකුණු 21 ලබමින් චමරි සමඟ ලකුණු 86 ක සබඳතාවයක් තෙවන කඩුල්ලට පැවත්වීම ජයග්‍රහණයට පාදක වුණා.එම සබඳතාවය ගොඩ නැඟෙන විට චිලව් කණ්ඩායම ලකුණු 10 ට කඩුලු 2 ක් අහිමිව තිබුණා.


මීට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමද අපරාජිතව සිය තෙවන ජය වාර්තා කරන්නට සමත් වුණා.ඔවුන් අතින් ලකුණු 85 න් පරාජයට පත් වූයේ සීසීසී කණ්ඩායමයි.පළමුව පන්දුවට පහර දුන් ගුවන් හමුදා කණ්ඩායම පන්දු ඕවර් 33 දි කඩුලු 6 ක්දැවී ලකුණු 176 ක් ලබා ගන්නට සමත් වුණා.යශෝධ මෙණ්ඩිස් යළිත් තමන් ලකුණු අතර සිටින බව සනාත කරමින් ලකුණු 68 ක් එම ලකුණු ප්‍රමාණයට එකතු කළා.පිළිතුරු ඉණිමේදී පන්දු ඕවර් 25.3 ක් තුළ සීසීසී කණ්ඩායම ලකුණු 91 ට සියල්ලම දැවී ගියා.
කෞශිණි නෘත්‍යාංගා ලකුණු 33 න් එම ඉණිමට දායක වුණා.පන්දුවෙන් දස්කම් දැක් වූ මල්කි මධාරා ලකුණු 17 ට කඩුලු 4 ක් සහ තාරුකා ඹෙහානි ලකුණු 11 ට කඩුලු 3 ක් ද දවා ගන්නට සමත් වුණා.
සෙසු තරගවලදී පානදුර කණ්ඩායම බදුරලිය කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කරන්නට සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගමින් මතු වූ හෙරෝයින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : කැළණිය කොට්ඨාස අපරාධ...

මිෂෙල්ගේ ඇඟ හිරිවැටෙන වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේම අවධානය...

යෝෂිත සහ ඩේසි ආච්චිගේ නඩුව විභාගයට දින නියම වෙයි!

කොළඹ LNW:මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී...

2026 අයවැය:අවසන් වාර්තාව ජනාධිපතිගේ නිරීක්ෂණයට!

කොළඹ LNW:2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර...