මන්ත්‍රී චාමර සම්පත්ගෙන් පොලීසිය භාර ඇමතිට එරෙහි පැමිණිල්ලක්!

Date:

කොළඹ LNW: 2024 වසරේ පොලිස් පරීක්ෂකවරු බඳවා ගැනීමේදි සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් අද (04) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පොලිස් සේවයේ සඳහා බඳවා ගැනීම වෙනුවෙන් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ අනුව සිදුකළ යෝග්‍යතා පරීක්ෂණවලින් පසුව ඒ සඳහා සුදුසුකම් ලැබූ 100 දෙනෙක් සඳහා පත්වීම් ලබා දීමට පසුගිය වසරේ නොවැම්බර් මස සැලසුම් කර තිබූ නමුත් එම සැලසුම් කර තිබූ පත්වීම් අදාළ සුදුසුකම් ලැබූ පුද්ගලයින් 100 දෙනා වෙත ලබා නොදී මේ වන විට නැවත ගැසට් කරමින් බඳවා ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවටයි මන්ත්‍රීවරයා සිය පැමිණිල්ල මඟින් ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව මේ තුළින් දූෂණයක් සිදුව ඇතැයිද ඒ සම්බන්දව පොලිසිය භාර අමාත්‍යවරයාට සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව තමන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා පවසා තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව අයදුම්පත් 18,000ක් අතුරින් 6000ක් තෝරාගෙන විභාගය සදහා ඉදිරිපත් වී ඇති අතර අවසන් සම්මුඛ පරීක්ෂණය සඳහා 3000ක් සහභාගී වී ඇත.

අදාළ පරීක්ෂණ මඟින් 100ක් බඳවා ගැනීම සඳහා තෝරාගෙන ඇති බවත් ඊට අදාළ පත්වීම් පසුගිය වසරේ නොවැම්බර් 20 වැනි දින ලබා දීමට සැලසුම් කර තිබුණද තවමත් එම පත්වීම් ලබා දී නැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”මේක හරි අසාධාරණයක්. මේ 100ක් පොලිස් පරීක්ෂකවරු බඳව ගන්න මේ පරීක්ෂණයෙන් පස්සේ මේකට වියදම් කරලා තියෙනවා පොලිස් දෙපාර්තමේන්තුව විශාල මුදලක්. මේකේ දූෂණයක් වෙලා තියෙනවා. මේවා නවත්වලා පත්වීම් නොදී ඉඳලා මේගොල්ලෝ ලෑස්ති වෙනවා අලුතින් ගැසට් කරලා අලුතින් පත්වීම් දෙන්න. එතකොට මේකට වියදම් කරපු මුදල් කාගේ මුදල්ද? මේවා රජයේ මුදල්. ඒකයි මම අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ මේවා වෙනුවෙන් වියදම් කරපුවා අල්ලස් කොමිසම මේ හැම එකක් ගැනම මේ ගැනත් පරීක්ෂණ කරන්න. පොලිසිය භාර ඇමති හා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන් වෙනුවෙන් තමයි පැමිණිල්ල දැම්මේ” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒ්ස් කැපිටල්,බදුරලිය හිරුණිකාගේ දඟ සුළඟට හසුව පරාජයට…

නිශ්මං රණසිංහ අගෝස්තු 04, කොළඹ LNW: හිරුණිකා නිවර්ථනීගේ අති දක්ෂ පන්දු...

යේමනයට ඔබ්බෙන් බෝට්ටුවක් පෙරලීමෙන් සංක්‍රමණිකයින් 50 කට අධික පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යේමනයට ඔබ්බෙන් ගල්ෆ්...

එළවළු, මාළු, පොල් මිල හා අවධමනය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසය අවසන් වී...

ආදිවාසි ජනතාව දළදා වහන්සේ උදෙසා කළ මී පැණි පූජාව!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ LNW: අද (04) දින ...