මාස හයේ සංචාරක ආදායම : ඇමති විජිතට අනුව ඩොලර් බිලියන 3.7 යි. නියෝජ්‍ය ඇමති රුවන්ට අනුව 1.7 යි

Date:

පසුගිය මාස හයක කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරක ඉපයීම් වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක් උපයාගෙන ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පෙරේදා (03) ප්‍රකාශ කර තිබිණි.

ඒ, නුවරඑළිය සීතා අම්මාන් කෝවිලේදී පැවති උත්සවයක් අමතමිනි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ඊයේ (04) කරුණු පැහැදිලිකිරීමක් සිදුකළේය.

“මම හිතන්නේ මහ බැංකු දත්ත මත අපිට තියෙන්නේ ජූනි මාසයේ අවසාන වෙනකන් විතරයි. ජූලි මාසයේ ගණනය කිරීම් ඇතුළත් වෙලා තිබුණේ නෑ. ඒ අනුව මහ බැංකු වාර්තාවේ සඳහන් වෙන්නේ ජූනි අවසාන වෙනකොට ශ්‍රී ලංකාවේ සංචාරක ඉපයීම් ඩොලර් බිලියන 1.7ක් කියලා. ඒක තමයි නිවැරදි දත්තය… විශාල පරතරයක් දකින්න පුළුවන් ඇමතිවරයාගේ සඳහනත් එක්ක. ජූලි මාසයේ සම්පූර්ණයෙන් අපිට ඒ තරම් ලැබෙන්නේ නැතිව ඇති කියන අදහස තමයි මට තියෙන්නේ”

සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...