සීය පැනලත් හැඩක් නැති ක්‍රීඩා ගැන හිතන හැටි අලුත් විය යුතුයි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW:

ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ 103 වැන්න නිමාවට පත් වුණා.එහිදී තරගාවලිය දින දෙකකට සීමා වීම නිසා ක්‍රීඩකයින්ට අපහසුවට පත්වෙන්න සිදු වුණා කියන කාරණය ක්‍රීඩකයින් අතරින්ම නැඟුණත් ඒවා රහස් හැටියට පැවතුණා.මීට පෙරත් හර්ෂ කරුණාරත්න මීටර් 800 ට තෝරා නොගැනීම කියන සංවාදය ඇති වෙද්දි තේරීම් තරග වැඩි පුර නොපැවත්වීමට ඇති නොහැකියාව මලල ක්‍රීඩා සංගමයෙ ලේකම් සමන් කුමාර ගුණවර්ධන ක්‍රීඩා අමාත්‍යංශයට පැහැදිළි කළා.


තරගාවලියක් පවත්වන්න දරන්න ඕනි වියදම විශාලයි.ක්‍රීඩා අමාත්‍යංශයට ක්‍රීඩාව භාර වුණාට එහෙම ක්‍රීඩා උළෙලකදි පිට්ටනියට ඉදලම අදාළ ක්‍රීඩා සංගමය ගෙවන්න ඕනි.මේ වියදම දරා ගන්න බැහැ.මේක වසර 100 ක් ගත වුණාට තිත්ත ඇත්තක්.පුද්ගල ශරීර වයසට ගියාට සංවිධානමය වශයෙන් පවතින දේවල් අත්දැකීම් සහ තාක්ෂණික සමාජ දියුණුව එක්ක භෞතිකව වසර 100 ක් පවතිද්දි පොහොසත් වෙන්න ඕනි වුණාට ඒවත් දුප්පත් වෙලා.මේවට පරිපාලනමය වශයෙන් ගෙවුණු කාල පරිච්ඡේද සියල්ලේම නියෝජනයන් වගකිව යුතුයි.


මලල ක්‍රීඩා පරිපාලන විතරක් නෙමෙයි ක්‍රීඩා අමාත්‍යංශත් වගකිව යුතුයි.මේ මෑතක බැඩිමින්ටන් ජාත්‍යන්තර තරගාවලියක් පැවත්විමට උත්සාහ කිරීමේදී සුගතදාස පාළනාධිකාරිය රටට එයින් ලැබෙන කීර්තිය සහ ඩොලර් පැමිණීම කියන කාරණා නොසළකා හරිමින් විදේශිකයන් ක්‍රීඩා කරන නිසා වැඩි මුදලක් අය කර ගැනීමට උත්සාහ කළා.එම නිසා තරගාවලිය සුගතදාසයෙන් පිටත තැනෙක පැවත්වුණා.


ක්‍රීඩා අමාත්‍යංශය ඊට අයත් සුගතදාසය වැනි තැන් නඩත්තු කරන්න ක්‍රීඩාවම පරිභෝජනයට ගැනීම ගැන නොසිතා වෙනත් ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා.කාලෙක පටන් අප පෙන්වා දෙන හිස් ඉඩ තුළ සාප්පු සංකීරණය ඉන් ප්‍රධාන තැනක්.ක්‍රීඩාවට අත හිත දීමට එය ජාතික සංගමයකට බතා පහසු මිලට දෙන අතරේ එහි ආදායම උපයා ගන්නට වෙනත් ක්‍රියා මාර්ග කල්පනාවට ගත යුතුව තිබෙනවා.ඒ වෙනුවට දැන් පවතින්නේ ක්‍රීඩාවේම ඔළුව පැත්ත, නැට්ට පැත්තෙන් ගිල ගැනීම වැනි වැඩක්.විනාශ වෙන්නේ ක්‍රීඩාවමයි.


දියගම වැනි තැනෙක ශාරීරික වර්ධනය සහ ශක්ති වර්ධනය සඳහා වැදගත්වන අභ්‍යාස කරන ස්ථානයක් විවෘත කළ හැකියි.එයින් විශාල මාසික ආදායමක් උපයා ගන්නට ඉඩ ලැබෙනවා.එපරේට්මන්ට පන්නයේ කුලී සහ දීර්ඝකාලීන කුලිය ගෙවන ස්ථාන යම් ආයතනයක් සමඟ එක්ව සකස් කළ හැකියි.මේවාට එහි ඇති හරිත විශ්ව විද්‍යාලය මෙන්ම මහින්ද රාජපක්ෂ විද්‍යාලය නිසා විශාල ආදායමක් ලැබිය හැකි ස්ථාන.ඒවා සමඟම හැඳෙන සාප්පු සංකීරණ,සුපිරි වෙළද සැල් වැනි කාරණි කාරණා ඉදිකිරීමේ කාර්යයේ සිටම පෞද්ගලික අංශය සමඟ හවුල්කාරී ආයෝජන හැටියට කළ හැකි දේවල්.මේ ආකාරයට උතුරේ දොරේ අප්පා ක්‍රීඩාංගණයේ සිට දකුනේ දඩල්ල මාතර වැනි තැන්වල ඇති දිස්ත්‍රික් ක්‍රීඩා සංකීරණ දක්වාම ක්‍රියාත්මක කළ හැකි ආකාරයට පෞද්ගලික අංශ සම්බන්ධ කර ගනිමින් ක්‍රියා කළ හැකිනම් රටේ තවත් ක්‍රීඩාංගණ කිහිපයක කෘතිම ධාවන පථ එළීමද කළ හැකියි.


පලාලි ගුවන් තොටුඵල සම්බන්ධ කර ගනිමින් ජාත්‍යන්තර ගමන් සිඳුවන තැනක් බවට එය පත් කළ හැකිනම් මීට පෙර කාලයකදී කෘතිම ධාවන පථ නැකුව පවා කළ ඉන්දු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සූරතාවලිය ඇරඹිය හැකියි.ඒ වෙනුවෙන් දොරේඅප්පා ක්‍රීඩාංඝණය වැනි තැනක් සකස් කළ හැකියි.වැඩ කළ හැකි ක්‍රම රජය තුළ තමන්ට අයත් සම්පත් හැටියට තිබියදී ඒවා ගැන කල්පනා නොකර දේශපාලනය ගැන කල්පනා කරමින් කල් මැරීමෙන් ක්‍රීඩාවට සිඳුවන සුගතියක් නැහැ. 82 එන්නට සකස් කළ ධවල පත්‍රිකාවේ කරුනු අද මේ පොළවට ගැලපෙන බව සිතන්න යාම දක්වා අත හැරුණු කාලය අත්දැකීමක් හැටියට ගෙන අදින් වසර කිහිපයක ඉදිරිය ගැන සිතා ක්‍රීඩා අමාත්‍යංශය සූදානම් විය යුතුයි.


ඒත් සිඳුවන්නේ එය ද?වෙනත් ආණ්ඩුවල වෙනත් ක්‍රීඩා ඇමතිලා කළ ආකාරයටම ක්‍රීඩා අමාත්‍යංශයෙන් සිඳු කරන ජාතික ක්‍රීඩා උළෙලේ සමාප්ති සමාචාර උත්දවය ක්‍රීඩා ඇමතිගේ ගමට ගෙනිහිල්ලා.ඒ සමාප්තයට අයත් වන්නෙ මලල ක්‍රීඩා.කෘතිම ධාවන පථයකින් පිට පවත්වද්දි එයින් එම ක්‍රීඩාවේ ප්‍රගතියට අදාළ වන නව වාර්තා හොඳම කාලයන් වාර්තා වීම් වැනි දේ සිඳුවිය හැක්කේ ඉතාම අඩුවෙන්.ඒත් අමාත්‍යවරයාට ගාල්ලට මේ තරගාවලිය අරගෙන යන්න කියා සමහර විට යෝජනා කරන්න ඇත්තේ අමාත්‍යංශයේ හෝ සංවර්ධන දෙපාර්තමේන්තුවේම නිලධාරීන්.


මේ ආයතන තුළ හැමදාම සිඳු වුණේ ඇමතිවරයා වඩාත් සතුටෙන් තබා පිනවීම කරන නිලධාරියා තමන් වන්නට බොහෝ දෙනෙක් තරග කිරීමයි.ක්‍රීඩාව පිනවීම හෝ ක්‍රීඩා කරන සමාජය සතුටෙන් තැබීම ඔවුන්ට අදාළ නැහැ.ඇමතිවරයා ඡන්ද කාලේ ක්‍රීඩා සම්මේලනවල සිටි බොහෝ දෙනෙක් සමඟ වැඩ කර ක්‍රීඩාව පරතෙරට ඉගෙනගත් බව කීව ද ඒ පාඩම් ද බොහෝ විට ඒ අයගේ කුඩා අන්ත්‍රයට පහසුවෙන් දිරවිය හැකි පෝෂ්‍යදායක්වය ගැන සිතා කළ කී දේ විය හැකි බව සමහර ක්‍රීඩා පැද යන හැටියෙන් සිතා ගත හැකියි.


ඒ නිසා අවුරුදු 103 ක් පරණ ක්‍රීඩා උළෙලක් පවත්වන මලල ක්‍රීඩා පරිපාලනය මේ මොහොතේ වෙනස් වන්නට නියමිතයි.ඒ අලුත් කණ්ඩායම් නිලවරණයට ඉදිරිපත්වන විට බොහෝ දේ සළකා බලනවා.ඒත් අප නිතර ඉල්ලා සිටින පරිදි ඔවුන් බලයේ සිටින කාලය තුළ කරන වැඩ සහ ඊට මුදල් සොයා ගන්නා ආකාරය ගැන කියන්නේ නැහැ.එය නිලවරණ නාම යෝජනා සමඟ භාර දෙන්න අවශ්‍යය තත්ත්වයක් තවමත් නිර්මාණය වීත් නැහැ.එවිට ගෙවිය යුතු සේවා සඳහා සිට සෑම වියදමක්ම වැඩිවන රටක 104 වන ක්‍රීඩා උළෙල මීටත් වඩා දුර්වල විය හැකියි.වැඩි කාලයක් පවතින සංවිධාන මිනිස් ශරීර මෙන් දුර්වල වෙනු නොහැකියි.ඒවා අලුත් වී හක්ති සම්පන්නව සහ නිරෝගීව තිබිය යුතුයි.
එසේම ක්‍රීඩා අමාත්‍යංශය සම්පූර්ණයෙන් දායකත්වය දක්වන ජාතික ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් ඊට උචිතම බිමක තැබීම වෙනුවට දේශපාලකයාගේ ගමට ගෙන යාමේ සිටම ක්‍රීඩා අමාත්‍යංශය මලල ක්‍රීඩාවට දක්වන දායකත්වයද අසමත්.මේවා වෙනස් වෙන තුරු අසමත් යැයි කියා ලිවීම ගැන උරණව අපේ මාධ්‍ය්‍යට තොරතුරු දෙන එක නවත්වන්නට යැයි ක්‍රීඩා අමාත්‍යවරයාට නියෝග කළ හැකියි.ඒත් අප කියන්නේ මේ අසමත් භාවය දීර්ඝකාලයක් තිස්සේ එන වත්මන් අමාත්‍යවරයා අසළින්වත් නවතින්නේ නැතුව ක්‍රියාත්මක වන බවයි.අප කියන පොළවේ අසමත්භව වෙනස් කරන්නටනම් දඩල්ලේ පිටියට කෘතිම ධාවන පථයක් එළා පහසුකම් දී උළෙල පැවත්විය යුතුයි.


කෙසේ නමුත් මෙවර ජාතික මලල ක්‍රීඩා සූරතාවලිය සතුටුවිය හැකි දක්ෂතා සහිත බව කිව යුුතුයි.අවාසනාව මේ සඳහා ලංකාවේ ක්‍රීඩා සැළසුමක් වෙනුවට පෞද්ගලිකව ක්‍රීඩකයා සහ පුහුණුකරුවා කරන කැපවීම මුල් තැන තිබීමයි.සුසන්තිකාගේ සුගත්ගේ සිට දර්ශා ශ්‍රියාණි දක්වාම ඇත්තක්ව තිබුණු මේ කාරණය අදත් ඒ ආකාරයටම පැවතීම කණගාටුදායක වුවත් පහතින් දැක්වෙන්නේ පෞද්ගලික වෙහෙස මහන්සිය සහිත කැපවීම සමඟින් 103 වන ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ විශේෂ ඇගයීම් ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාම ලේඛණයයි.

  1. ඩන්කන් වයිට් අභියෝග කුසලානය 3018 තරඟාවලියේදී පිරිමි කඩුලු පැනීමේ ඉසව්වල හොඳම දක්ෂතාව ලෙස සැලකෙන පිරිමි ක්‍රීඩකයාට පිරිනමනු ලැබේ – අයෝමාල් අකලංක, නුවරඑළිය ඩී ඒ ඒ, මීටර් 400 කඩුලු පැනීම, තත්පර 50.27.
  2. තරඟාවලියේදී විසි කිරීමේ ඉසව්වල හොඳම දක්ෂතාව ලෙස සැලකෙන පිරිමි ක්‍රීඩකයාට පිරිනමනු ලැබේ. 2636 – පී ආර් තරංග, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, හෙල්ල විසි කිරීම, මීටර් 82.36
  3. එන්.එම්. වාසගම් අභියෝග කුසලානය තරඟයේදී පැනීමේ ඉසව්වල හොඳම දක්ෂතාව ලෙස සැලකෙන පිරිමි ක්‍රීඩකයාට පිරිනමනු ලැබේ. 2641 – යූ.ඩී.වයි.එන්. කුමාර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, දුර පැනීම, මීටර් 7.76
  4. ස්මිත් ක්ලයින් බීචම් මැක්වුඩ්ස් ලිමිටඩ් විසින් පිරිනමන හෝර්ලික්ස් අභියෝග කුසලානය, ස්ප්‍රින්ට් ඉසව්වල හොඳම දක්ෂතාව ලෙස සැලකෙන පිරිමි ක්‍රීඩකයාට පිරිනමනු ලැබේ. 2729 – ශ්‍රී ලංකා යුද හමුදාවේ එස්.ඒ. දර්ශන, මීටර් 400, තත්පර 45.91.
  5. ආචාර්ය එන්. එතිර්වීරසිංහම් විසින් පරිත්‍යාග කරන ලද ඇන්තනි අබේසිංහ අභියෝග කුසලානය, උස පැනීමේ ඉසව්වල හොඳම දක්ෂතාව ලෙස සැලකෙන ක්‍රීඩකයාට පිරිනමනු ලැබේ. 2723 – එස්.ඒ.ටී. දසුන්, ශ්‍රී ලංකා යුද හමුදාව, උස පැනීම, මීටර් 2.10
  6. හොඳම කාර්ය සාධනය සඳහා ට්‍රයිකෝ සමාගම් සමූහය වෙනුවෙන් අධ්‍යක්ෂවරුන් විසින් පිරිනමන ලද චන්දි කන්නන්ගර අනුස්මරණ කුසලානය – ස්ප්‍රින්ට්ස් 1377 – නදීෂා රාමනායක, ශ්‍රී ලංකා යුද හමුදාව, මීටර් 400, තත්පර 52.86.
  7. හොඳම කාර්ය සාධනය සඳහා ග්‍රේලයින් හෝම්ස් විසින් පිරිනමන ලද ග්‍රේලයින් කණ්ඩායම් අභියෝග කුසලානය – මධ්‍යම දුර 2270 – ඩබ්ලිව්. ජී. එස්. ලක්ෂානි, ශ්‍රී ලංකා යුද හමුදාව, මීටර් 800, තත්පර 2:05.67.
  8. හක්ස්ලිගේ වින්ටොජිනෝ අභියෝග කුසලානය හොඳම කාර්ය සාධනය සඳහා කාන්තා – දිගු දුර 1379 – ඩබ්ලිව් ඒ එම් රසරා විජේසූරිය, ශ්‍රී ලංකා යුද හමුදාව, මීටර් 10000, මීටර් 36:26.48 (ලකුණු 916)
  9. ග්ලූකොලින් අභියෝග කුසලානය හොඳම කාර්ය සාධනය සඳහා ග්ලැක්සෝ සිලෝන් සමාගම විසින් ප්රිත්‍යාග කරන කුසලානය – බාධක 1380 – ඩබ්ලිව් වී ලක්ෂිකා සුගන්දි, ශ්‍රී ලංකා යුද හමුදාව, මීටර් 100 කඩුලු, තත්පර 13.68..
  10. HNB අභියෝග කුසලානය හොඳම කාර්ය සාධනය සඳහා හැටන් නැෂනල් බැංකුව විසින් පිරිනමනු ලැබේ – පැනීම් 1365 – එන් මධුෂානි හේරත්, ශ්‍රී ලංකාව A.C., ත්‍රිත්ව පැනීම, මීටර් 13.16
  11. හොඳම කාර්ය සාධනය සඳහා අක්බාර් ෆාමසියුටිකල්ස් (පුද්ගලික) සමාගම විසින් පිරිනමන ලද සලොන්පාස් අභියෝග කුසලානය කාන්තා – විසි කිරීම 2027 – එච් එල් එන් දිල්හස්නි ලේකම්ගේ, ශ්‍රී ලංකා යුද හමුදාව, හෙල්ල විසි කිරීම, මීටර් 58.05
  12. ආණ්ඩුකාර කුසලානය පිරිමි ක්‍රීඩකයාට පිරිනමනු ලැබේ, ඔහුගේ දක්ෂතාව තරඟාවලියේදී මධ්‍යම හා දිගු දුර ඉසව්වල හොඳම දක්ෂතාව ලෙස සැලකේ 2737 – ඩී එම් එච් එස් කරුණාරත්න, ශ්‍රී ලංකා යුද හමුදාව, මීටර් 800, තත්පර 1:49.44.
  13. කොළඹ කැන්ටීන් කමිටු අභියෝග කුසලානය තරඟාවලියේදී කාන්තා ඉසව්වල හොඳම දක්ෂතා ලෙස සැලකෙන තරඟකරුට පිරිනමනු ලැබේ. 1377 – නදීෂා රාමනායක, ශ්‍රී ලංකා යුද හමුදාව, මීටර් 400, තත්පර 52.86.
  14. විල්ටන් බාට්ලීට් අභියෝගතා කුසලානය තරගාවලියේ හොඳම පිරිමි ඉසව්ව ලෙස සැලකෙන ක්‍රීඩකයාට පිරිනමනු ලැබේ 2636 – පී.ආර්. තරංග, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, හෙල්ල විසි කිරීම, මීටර් 82.36
  15. එන්. වයිරවනාතන් අනුස්මරණ අභියෝගතා කුසලානය තරගාවලියේ හොඳම තනි ඉසව්ව ලෙස සැලකෙන මලල ක්‍රීඩකයාට පිරිනමනු ලැබේ (පිරිමි සහ කාන්තා) 2636 – පී.ආර්. තරංග, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, හෙල්ල විසි කිරීම, මීටර් 82.36

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ චිකන්ගුන්යා රෝගීන් 7000ක් වාර්තා වේ.

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ගුවැන්ඩොං පළාතෙන්...

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

ශ්‍රී ලයන්ස් හයවන පිම්ම ඕමානයට

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් කියන්නෙ ලංකාවෙන් පිට...