21 ගැන අගමැතිගේ විශේෂ පක්ෂ නායක හමුවේදී එකඟතා රැසක් … (VIDEO)

Date:

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (03) කැඳවා තිබුණු විශේෂ රැස්වීමේදී එකඟතා රැසකට පැමිණීමට හැකිව ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයින්ට මෙම රැස්වීමට ආරාධනා කර තිබිණි.

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව ලබා නොදීම ඇතුළු මූලික කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සැලකියයුතු එකඟතාවන් රැසකට පැමිණීමට හැකිවූ බවයි එම රැස්වීමට සහභාගී වූ පක්ෂ නායකයින් සඳහන් කළේ.

එසේම ජනාධිපතිවරයාට යම් අමාත්‍ය ධුර සංඛ්‍යාවක් දැරීමට ඇති අයිතිය අහෝසි කිරීම, අමාත්‍යවරුන් පත්කිරීමේදී අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාව ලබාගැනීම මෙන්ම පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත පමණක් ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාව ඉවත් කිරීමට හැකියාව ලබාදීම යන කරුණු පිළිබඳව ද මෙහිදී එකඟතාවකට පැමිණ ඇති බව සඳහන්.

ඒ අනුව මෙම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයා විසින් ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් පාරිභෝගික ගුවන් සමාගම් සඳහා ස්වයං-පරීක්ෂා කිරීමේ සේවාවක්….

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : ශ්‍රීලංකන් ගුවන් සේවයේ...