පිලිපීනයට චීන නාවික හමුදාවෙන් පිළිතුරු!

Date:

කොළඹ LNW:චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු විධානයේ නාවික බලවේගය පසුගිය දිනවල දකුණු චීන මුහුදේ නිත්‍ය මුර සංචාර සිදු කර තිබෙනවා. ඒ පිලිපීනය විදේශ රටවල් කැඳවා “ඒකාබද්ධ මුර සංචාර” සංවිධාන කිරීමට ප්‍රතිචාර වශයෙන්.

පිලිපීනය දකුණු චීන මුහුදු ප්‍රදේශවල කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කරමින් සිටින බව චීනයේ දකුණු විධානයේ ප්‍රකාශක ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ කර්නල් Tian Junli මහතා ප්‍රකාශ කළා.

එය කලාපීය සාමය සහ ස්ථාවරත්වය අඩපණ කිරීමක් බවයි ඔහු පැවසුවේ. අදාළ විධානයේ හමුදා අංශ ඒ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බව Tian Junli මහතා එහිදී පෙන්වා දුන්නා. චීනයේ භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීභාවය සහ සමුද්‍රීය අයිතිවාසිකම් දැඩි ලෙස ආරක්ෂා කරමින් දකුණු චීන මුහුදේ සාමය කඩාකප්පල් කිරීමේ ඕනෑම හමුදා ක්‍රියාකාරකමක් නිසි පරිදි පාලනයට යටත්ව පවතින බව චීනයේ දකුණු විධානයේ ප්‍රකාශකයා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...