පිලිපීනයට චීන නාවික හමුදාවෙන් පිළිතුරු!

කොළඹ LNW:චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු විධානයේ නාවික බලවේගය පසුගිය දිනවල දකුණු චීන මුහුදේ නිත්‍ය මුර සංචාර සිදු කර තිබෙනවා. ඒ පිලිපීනය විදේශ රටවල් කැඳවා “ඒකාබද්ධ මුර සංචාර” සංවිධාන කිරීමට ප්‍රතිචාර වශයෙන්.

පිලිපීනය දකුණු චීන මුහුදු ප්‍රදේශවල කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කරමින් සිටින බව චීනයේ දකුණු විධානයේ ප්‍රකාශක ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ කර්නල් Tian Junli මහතා ප්‍රකාශ කළා.

එය කලාපීය සාමය සහ ස්ථාවරත්වය අඩපණ කිරීමක් බවයි ඔහු පැවසුවේ. අදාළ විධානයේ හමුදා අංශ ඒ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බව Tian Junli මහතා එහිදී පෙන්වා දුන්නා. චීනයේ භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීභාවය සහ සමුද්‍රීය අයිතිවාසිකම් දැඩි ලෙස ආරක්ෂා කරමින් දකුණු චීන මුහුදේ සාමය කඩාකප්පල් කිරීමේ ඕනෑම හමුදා ක්‍රියාකාරකමක් නිසි පරිදි පාලනයට යටත්ව පවතින බව චීනයේ දකුණු විධානයේ ප්‍රකාශකයා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...

සිරගත කෙරෙන භික්ෂූන් වෙනුවෙන් නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට පියවර – PMD

සිරගත වන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අදාළ නව නීතිමය රෙගුලාසි...

අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී ගංජා සමඟ බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ 'හදිසි...

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...