ජ’පුර රෝහලෙන් ටිකට් කැපූ දුමින්ද සිල්වා යළිත් රෝහල්ගත කරලා …

Date:

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා මහතා එම රෝහලෙන් නිදහස් කිරීමෙන් අනතුරුව බන්ධනාගාරගත කිරීමට ඊයේ (03) පස්වරුවේ සූදානම් වුවත් ඔහුව නැවතත් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

අදාළ රෝහලෙහි 18 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ දුමින්ද සිල්වා මහතාව ඊයේ පෙරවරුවේ රෝහලෙන් නිදහස් කර තිබුණත් නැවතත් අසනීප වීම නිසා මෙසේ රෝහල්ගත කෙරුණු බවයි බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි දුමින්ද සිල්වා මහතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරුණ ද එම සමාව ලබාදුන් ක්‍රමවේදය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සමක් හේතුවෙන් අදාළ සමාව තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය විසින් නියෝග කෙරිණි.

ඒ අනුව ඒ මහතාව යළි අත් අඩංගුවට ගැණුනු අතර එයින් පසු ඔහු මෙසේ රෝහල්ගතව සිටී.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවකට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ...