සමෘද්ධි සේවකයන්ගේ 4%ක අධිභාරය ඒක් වරක් පමණක් අය කිරීමට කැබිනට් අනුමැතිය!

Date:

කොළඹ LNW:2014 වර්ෂයේ සමෘද්ධි සේවකයන් සමෘද්ධි අධිකාරියෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහනය වීමේදී සේවක ගැටළු ගණනාවක් පැණනැගුණි.

ඉන් ප්‍රධාන අර්බුදයක් වන්නේ සමෘද්ධි අධිකාරිය තුළ සේවය කළ කාලයට අදාලව ලබාගත් අර්ථසාධක අරමුදලින් නැවත ගෙවිය යුතු රජයේ දායකත්වය වන 60%ක ප්‍රමාණය සහ 4%ක අධිභාරයක් ගෙවීමට සිදුවීමයි.

මේ නිසා සේවකයන් මහත් පීඩාවට පත්ව සිටියා. විශ්‍රාම යන සේවකයන්ට තම විශ්‍රාම වැටුපෙන් පවා විශාල මුදලක් රජයට ගෙවීමට සිදුවීම නිසා විශ්‍රාම යාම පවා සේවකයන්ට මහත් හිසරදයක්ව පැවතුණි.

25000ට ආසන්න සමෘද්ධි සේවකයන් මෙම ගැටළුවට විසඳුම් සොයා විවිධ කාලයන් වලදී පැවති රජයන් සමඟ සාකච්ඡා කළ ද ඉන් ඵලක් නොවීය.උද්ඝෝෂණ, වැඩවර්ජන කළත් ගැටළුවට විසඳුමක් නොලැබුණි. නව රජයේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සමඟ සමෘද්ධි සේවක වෘත්තීය සමිති කළ සාකච්ඡාවන්ගේ ප්‍රථිපලයක් ලෙස පසුගිය 4 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා අමාත්‍යවරයා විසින් 4%ක අධිභාරය එක් වරක් පමණක් අය කිරීමට කළ යෝජනාව සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

එය සමෘද්ධි සේවකයන්ට මහත් අස්වැසිල්ලක් බවයි ඔවුන් පවසන්නේ. නව රජය පත්වීමත් සමඟ විෂය භාර අමාත්‍යවරයාගේ මැදිහත් වීම තුළ සමෘද්ධි සේවකයන්ට මෙතෙක් නොතිබි සේවක උසස්වීම් පටිපාටියක් හඳුන්වාදීම, සේවක අවධානම් දීමනාව ඉහල දැමීම, කාර්යාල දීමනාව ඉහල දැමීම වැනි ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් අසන්න... තායිලන්තයේ...