සමෘද්ධි සේවකයන්ගේ 4%ක අධිභාරය ඒක් වරක් පමණක් අය කිරීමට කැබිනට් අනුමැතිය!

Date:

කොළඹ LNW:2014 වර්ෂයේ සමෘද්ධි සේවකයන් සමෘද්ධි අධිකාරියෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහනය වීමේදී සේවක ගැටළු ගණනාවක් පැණනැගුණි.

ඉන් ප්‍රධාන අර්බුදයක් වන්නේ සමෘද්ධි අධිකාරිය තුළ සේවය කළ කාලයට අදාලව ලබාගත් අර්ථසාධක අරමුදලින් නැවත ගෙවිය යුතු රජයේ දායකත්වය වන 60%ක ප්‍රමාණය සහ 4%ක අධිභාරයක් ගෙවීමට සිදුවීමයි.

මේ නිසා සේවකයන් මහත් පීඩාවට පත්ව සිටියා. විශ්‍රාම යන සේවකයන්ට තම විශ්‍රාම වැටුපෙන් පවා විශාල මුදලක් රජයට ගෙවීමට සිදුවීම නිසා විශ්‍රාම යාම පවා සේවකයන්ට මහත් හිසරදයක්ව පැවතුණි.

25000ට ආසන්න සමෘද්ධි සේවකයන් මෙම ගැටළුවට විසඳුම් සොයා විවිධ කාලයන් වලදී පැවති රජයන් සමඟ සාකච්ඡා කළ ද ඉන් ඵලක් නොවීය.උද්ඝෝෂණ, වැඩවර්ජන කළත් ගැටළුවට විසඳුමක් නොලැබුණි. නව රජයේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සමඟ සමෘද්ධි සේවක වෘත්තීය සමිති කළ සාකච්ඡාවන්ගේ ප්‍රථිපලයක් ලෙස පසුගිය 4 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා අමාත්‍යවරයා විසින් 4%ක අධිභාරය එක් වරක් පමණක් අය කිරීමට කළ යෝජනාව සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

එය සමෘද්ධි සේවකයන්ට මහත් අස්වැසිල්ලක් බවයි ඔවුන් පවසන්නේ. නව රජය පත්වීමත් සමඟ විෂය භාර අමාත්‍යවරයාගේ මැදිහත් වීම තුළ සමෘද්ධි සේවකයන්ට මෙතෙක් නොතිබි සේවක උසස්වීම් පටිපාටියක් හඳුන්වාදීම, සේවක අවධානම් දීමනාව ඉහල දැමීම, කාර්යාල දීමනාව ඉහල දැමීම වැනි ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...