චිචීගේ රොකට් එකට රජයේ මුදල් යොදවා නෑ. එයින් රටට වාර්ෂිකව කෝටි සිය ගණනින් ආදායම් ලැබිලා – අගමැති හරිනි

Date:

චිචීගේ රොකට් එක නමින් ප්‍රසිද්ධියට පත්වූ සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය කිසිදු මුදලක් වැයකර නොමැති බවත් එයින් 2015 වසරේ සිට වාර්ෂිකව රුපියල් මිලියන දහස් ගණනින් රටට ආදායම් ලැබී ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ දත්ත අනුව වාර්තා වන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අද (අගෝස්තු 06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

“2011 – 2012 කාලයේදී සුප්‍රීම් ග්ලෝබල් සමාගමට අනුබද්ධ සුප්‍රීම් සැට් ආයතනය විසින් දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර ඇති මුදල පිළිබඳ අහලා තියෙන ප්‍රශ්නය අනුව, සුප්‍රීම් සැට් සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් ගතවී තිබෙන්නේ 2012 මැයි 23 වනදා. ඒ 2013 – 2014 කාලය තුළ මෙම ආයතනය රුපියල් මිලියන 12,104,936ක මුදලක් සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා යොදවලා තියෙනවා. සමාගම විසින් ඉදිරිපත් කර ඇති ආයෝජන අයදුම්පතෙහි තොරතුරු අනුව මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය විසින් මුදල් ආයෝජනය කර නොමැත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නීතියේ 17 වන වගන්තිය යටතේ දේශීය වෙළඳපොල කේන්ද්‍ර කරගත් ව්‍යාපෘතියක් ලෙසයි ඒක ආයෝජනය කරලා තියෙන්නෙ. රුපියල් මිලියන 1828ක ආයෝජනයක් සහිතව මහනුවර කාර්මික උද්‍යානයේ චන්ද්‍රිකා පද්ධතිය පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා 2012 මැයි 23 දින සුප්‍රීම් SH ST පෞද්ගලික සමාගම ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ ඇති අතර මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාහකයින් සඳහා විදුලි සංදේශ විකාශන පහසුකම් සැපයීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය 2015.08.27 දින සිට වාණිජ මෙහෙයුම් ආරම්භ කර ඇත. පවතින වාර්තාවලට අනුව 2019 වර්ෂය වනවිට සමාගමේ කොටස් ව්‍යුහය පහත පරිදි වේ. සුප්‍රීම් SL ඉන්වෙස්ට්මන්ට්ස් පෞද්ගලික සමාගම කොටස් 47,180,200 ක්. සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංස් පෞද්ගලික සමාගම කොටස් 188,344,970 ක්. පළවෙනි එකට 20% යි, අනිත් එකට 80% යි. ආයෝජන මණ්ඩලය සතු වාර්තා අනුව ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රතිලාභ ලෙස සුප්‍රීම් සැට් සමාගම පහත සඳහන් ආදායම් ලබා ඇත.

වර්ෂ 2015 – 2016 = රුපියල් මිලියන 19,617
වර්ෂ 2016 – 2017 = රුපියල් මිලියන 28,133
වර්ෂ 2017 – 2018 = රුපියල් මිලියන 29,106
වර්ෂ 2018 – 2019 = රුපියල් මිලියන 34,169
වර්ෂ 2019 – 2020 = රුපියල් මිලියන 42,960
වර්ෂ 2020 – 2021 = රුපියල් මිලියන 62,545
වර්ෂ 2021 – 2022 = රුපියල් මිලියන 87,789
වර්ෂ 2023 පළවෙනි මාස 6 තුළ = 39,590

දීලා තියෙන වාර්තා අනුව ගරු කථානායකතුමනි මම මේ පිළිතුර සකස් කරලා තියෙන්නෙ. ලැබිලා තියෙන දත්ත සහ තොරතුරු අනුව පමණයි”

මෙහිදී මෙම ප්‍රශ්නය විමසූ ඩී. වී. චානක මන්ත්‍රීවරයා අදහස් දක්වමින්,

“මම අග්‍රාමාත්‍යතුමියට ස්තූතිවන්ත වෙනවා ලංකාව තුළ ආයෝජකයින්ට එල්ල කරලා තිබ්බ ලොකුම ප්‍රහාරයකට අද ඔබතුමිය උත්තර දුන්නා. මේක මං හිතන්නෙ ලංකාවෙ වැඩියෙන්ම දන්නෙ චිචීගෙ රොකට් එක කිව්වාම. සුප්‍රීම් සැට් කිව්වාට වැඩිය චිචීගෙ රොකට් එක කිව්වොත් තමයි දන්නෙ. මේක ගැන කිව්වා, ලංකාවේ ඩොලර් මිලියන 300ක් ආයෝජනය කරලා මේක අතුරුදන් වෙලා කියලා තමයි කිව්වෙ. මම ප්‍රශ්නය අහපු දවසෙත් බිමල් රත්නායක මහත්තයා එහා පැත්තෙ ඉඳන් කිව්වා අතුරුදන් වෙලා කියලා. හැබැයි දැන් අග්‍රාමාත්‍යතුමියම කියනවා එහෙම දෙයක් වෙලා නෑ, ලංකාවේ එක රුපියලක්වත් ආයෝජනය කරලාත් නෑ, ඒ වගේම අනිත් පැත්තෙන් වාර්ෂිකව මිලියන 20,000 වැනි ආකාරයෙන් හැම වර්ෂයේම රටට ආදායමක් ඇවිල්ලා තියෙනවා, සෘජු ආයෝජනයක් ඇවිල්ලා තියෙන්නෙ. ඒ වගේම මම දැක්කා ගිය සතියට කලින් සතියෙත් පාර්ලිමේන්තුවේදී සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමායි හම්බන්තොට මන්ත්‍රීවරියයි පහර දෙනවා මේක මේ ලංකාවෙ රජයෙන් ජනාධිපතිතුමාගෙ පුතාලාට විනෝද වෙන්න කරපු දෙයක් කියලා. හැබැයි අද අග්‍රාමාත්‍යතුමියම කියනවා මේකෙන් විශාල ආයෝජනයක් ලංකාවට ඇවිල්ලා තියෙනවා, ඊටපස්සෙ හැම අවුරුද්දෙම වාර්ෂික ආදායමක් ඇවිල්ලා තියෙනවා” යැයි පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බන්ධනාගාරයෙන් ඇසෙන කතා..

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ LNW: ඊයේ (06) අත්අඩංගුවට ගෙන...

ජනපති අනුරගෙන් විශේෂ ප්‍රකාශයක් ! (LIVE)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට මඳ වේලාවකට පෙර...