මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව – ඊයෙත් 1000කට වැඩි පිරිසක් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර ගෙන මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ශ‍්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිිවිධ හමුදාව එක්ව දෛනිකව සිදුකරන මෙහෙයුම්වලට අදාළව ඊයේ (05) දිනයේදී මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 853 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාදවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 17 දෙනෙකුද වරෙන්තකරුවන් 380 දෙනෙකුද අත්අඩංගුවට පත්ව ඇත.

ඊයේ දිනය පුරා ශ‍්‍රී ලංකා පොලීසියේත්,පොලිස් විශේෂ කාර්ය බලකායේත් ත‍්‍රිවිධ හමුදාවේත් 5944 දෙනෙකු සම්බන්ධ වී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිිදු කර තිබේ. එහිදී පුද්ගලයන් 23856 දෙනෙක්ද වාහන 9300ක්ද යතුරු පැදි 7613ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර තිබේ.

එම මෙහෙයුම් තුළදී නීති විරෝධී ගිනි අවි 08ක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 07ක් දේශීය ගිනි අවි වන අතර එක් ගිනි අවියක් විදේශීිය ගිනි අවියකි.

එමෙන්ම මෙකී මෙහෙයුම් අතරතුරදී මහාමාර්ගයේ රථවාහන වැරදි සම්බන්ධයෙන් ද මෙහෙයුම් පුළුල් කර ඇති අතර ඒ අනුව බීමත් රියදුරන් 101ක සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. එමෙන්ම අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වෙනත් වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 3335ක් සදහාද ශ‍්‍රී ලංකා පොලීසිය මගින් නෛතික පියවර ගෙන ඇත.

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කර දැමීම සදහාත් සංවිධානාත්මක අපරාදකරුවන් මර්දනය කිරීම සදහාත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ සෘජු අධීක්ෂණයත් ශ‍්‍රී ලංකා පොලීසියේ හා ත‍්‍රිවිධ හමුුදාවේ මැදිහත් වීමත් මත සෝදිසි මෙහෙයුම් දෛනිකව ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...