මිනෙත් සහ මෙලන් පිත්තෙන් සහ පන්දුවෙන් මුල් තැනට

facebook sharing button
twitter sharing button
pinterest sharing button
email sharing button
sms sharing button
sharethis sharing button

නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW:

අවුරුදු 25 න් පහළ ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලියේ පළමු දින දෙක ගෙවෙන විට ක්‍රීඩකයින් පිත්තෙන් සහ පන්දුවෙන් ඉහළ දස්කම් දැක්වීම සතුටට කරුණකි.පිතිකරුවන් අතරින් ශතක 10 ක් වාර්තා වුණ අතර ඒ අතරින් හොඳම ඉණිම දියත් කළේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ නායක මිනෙත් ප්‍රේමරත්නය.ඔහු මහනුවර තරුණ කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 158 රැස් කළේය.එසේම ඉණිමක කඩුලු 5 ට වඩා දවාගත් පන්දු යවන්නන් 10 දෙනෙකු දකින්නට ලැබුණු අතර ඒ අතරින් චිලව් මේරියනස් කණ්ඩායම නියෝජනය කළ මෙලන් හංසක ලකුණු 65 කඩුලු 7 ක් දවා ගන්නට සමත්විම ඉණිමක හොඳම පන්දු යැවීම විය.ඔහු එම දස්කම් පෑවේ නාවික හමුදා කණ්ඩායමට එරෙහිවය.


පැවති තරග අතරින් අටකම ජය පරාජය නොවිසඳුනි.එම තරග වූයේ බ්ලූමෆීල්ඩ් – මහනුවර තරුණ,එන්සීසී – සෙබස්ටියන්නයිට්ස්,නුගේගොඩ – මැලේ,කුරුණෑගල තරුණ – ගාල්ල,මොරටුව – මුවර්ස්,යුද හමුදා – බීආර්සී,මීගමුව – සීසීසී සහ එස්එස්සී – පොලිස් යන තරගය.


ඉහළම ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වූයේ චිලව් මේරියනස් කණ්ඩායමය.ඔවුන් නාවික හමුදා කණ්ඩායමට එරෙහිව ඉණිමක සහ ලකුණු 75 ක ජයක් වාර්තා කරන්නට සමත් විය.ලියෝ ක්‍රීඩා සමාජයට එරෙහිව කළෙ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය කඩුලු 9 ක් ජයක් වාර්තා කරන්නට සමත් වූ අතර බදුරලිය කණ්ඩායම කඩුලු 9 ක ජයක් වාර්තා කළේ යුනයිටඩ් සදර්න් කණ්ඩායමට එරෙහිවය.