මිනෙත් සහ මෙලන් පිත්තෙන් සහ පන්දුවෙන් මුල් තැනට

Date:

facebook sharing button
twitter sharing button
pinterest sharing button
email sharing button
sms sharing button
sharethis sharing button

නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW:

අවුරුදු 25 න් පහළ ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලියේ පළමු දින දෙක ගෙවෙන විට ක්‍රීඩකයින් පිත්තෙන් සහ පන්දුවෙන් ඉහළ දස්කම් දැක්වීම සතුටට කරුණකි.පිතිකරුවන් අතරින් ශතක 10 ක් වාර්තා වුණ අතර ඒ අතරින් හොඳම ඉණිම දියත් කළේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ නායක මිනෙත් ප්‍රේමරත්නය.ඔහු මහනුවර තරුණ කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 158 රැස් කළේය.එසේම ඉණිමක කඩුලු 5 ට වඩා දවාගත් පන්දු යවන්නන් 10 දෙනෙකු දකින්නට ලැබුණු අතර ඒ අතරින් චිලව් මේරියනස් කණ්ඩායම නියෝජනය කළ මෙලන් හංසක ලකුණු 65 කඩුලු 7 ක් දවා ගන්නට සමත්විම ඉණිමක හොඳම පන්දු යැවීම විය.ඔහු එම දස්කම් පෑවේ නාවික හමුදා කණ්ඩායමට එරෙහිවය.


පැවති තරග අතරින් අටකම ජය පරාජය නොවිසඳුනි.එම තරග වූයේ බ්ලූමෆීල්ඩ් – මහනුවර තරුණ,එන්සීසී – සෙබස්ටියන්නයිට්ස්,නුගේගොඩ – මැලේ,කුරුණෑගල තරුණ – ගාල්ල,මොරටුව – මුවර්ස්,යුද හමුදා – බීආර්සී,මීගමුව – සීසීසී සහ එස්එස්සී – පොලිස් යන තරගය.


ඉහළම ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වූයේ චිලව් මේරියනස් කණ්ඩායමය.ඔවුන් නාවික හමුදා කණ්ඩායමට එරෙහිව ඉණිමක සහ ලකුණු 75 ක ජයක් වාර්තා කරන්නට සමත් විය.ලියෝ ක්‍රීඩා සමාජයට එරෙහිව කළෙ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය කඩුලු 9 ක් ජයක් වාර්තා කරන්නට සමත් වූ අතර බදුරලිය කණ්ඩායම කඩුලු 9 ක ජයක් වාර්තා කළේ යුනයිටඩ් සදර්න් කණ්ඩායමට එරෙහිවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...

එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු ජනරජයේ...

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...

අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනයේදී විධිමත් වැඩපිළිවෙලක්!

කොළඹ LNW:ඉදිරි වසර තුළ රටේ ආර්ථික දර්ශක වලට සමගාමීව...