විශ්‍රාම ගිය DIG අම්පාවිල CID ප්‍රධානී තනතුරට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කර විශ්‍රාම ගිය පී. අම්පාවිල මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් පත්කිරීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානී තනතුර දරන්නේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසිනි.

ඒ අනුව, ලබන 13 වනදා නියෝජ්‍ය පොලිස්පති මණ්ඩලය රැස්වීමට නියමිත බවත් එහිදී පී. අම්පාවිල මහතාට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීමක් ලබාදී කොන්ත්‍රාත් පදනම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් පත්කිරීමට අවශ්‍ය පියවර ගැනෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

පී. අම්පාවිල මහතා දක්ෂ විමර්ශන නිලධාරියෙකු වශයෙන් ප්‍රසිද්ධියට පත් අයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමට පෙර මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ...

චීන ආයෝජන සීමා පුළුල් කිරීමට ඇමරිකාව ගත් තීරණයට චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:විදෙස් ආයෝජන සඳහා වන සීමා කිරීම් පුළුල් කිරීමට...

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...