භාරතලව මරන්න ඇරලා බලන් හිටපු ඉහළ පොලිස් නිලධාරියාම තමයි එදා ගෝඨා ගමට මැරයෝ පහර දෙද්දීත් බලන් හිටියේ! (VIDEO)

Date:

2011දී සිය සැමියා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස වෙඩි තබා ඝාතනය කරන තෙක් පසෙකට වී බලාසිටි ඉහළ පොලිස් නිලධාරියා සහ පසුගිය මැයි 09 වැනිදා ගෝඨා ගෝ ගම අරගලකරුවන්ට මැරයන් පහර දෙන විට බලා සිටි ඉහළ පොලිස් නිලධාරියා යන දෙදෙනාම එක් අයෙක් බව සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.

මේ මොහොතේ එය තමන් විශේෂයෙන් සඳහන් කර තබන බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ.

එමෙන්ම මරණ දඬුවම ලැබ දඬුවම් විදින 9000ක පමණ පිරිසක් අතරින් දුමින්ද සිල්වා පමණක් ජනාධිපතිවරයාට විශේෂ වූයේ ඇයිද යන්න තමන් ජනාධිපතිවරයාගෙන් විමසා සිටින බව ඇය ප්‍රකාශ කරන ලදී.

මේ අතර දුමින්ද සිල්වා වැනි බොරුකාර,මිනීමරුවන්ව ආරක්ෂා නොකර වෛද්‍ය වෘත්තියේ ගෞරවය ආරක්ෂා කරන ලෙස සමස්ත වෛද්‍ය ප්‍රජාවෙන්ම ඉල්ලා සිටින බවද ඇය කියා සිටියාය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිලීප පීරිස් රනිල්ගේ නීතීඥවරයකුගේ කනිෂ්ඨයෙකු සමග හදිසියේ තිරුපති ගිහින් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දින කිහිපයකට...

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...