සහස්පුර වෙඩිතැබීමෙන් තුවාල ලැබූ එක් අයෙක් මරුට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 08,කොළඹ LNW:

ඊයේ (07) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමේ සිද්දියෙන් මේ වනවිට බො‍රැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය විසූ එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

ඊයේ රාත්‍රී 8.40ට පමණ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තරුණයින් පස්දෙනෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබුණු අතර,.එහිදී 56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩික්කරුවන් පලා ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

පොලීසිය පවසන්නේ, වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

ඊට අමතරව අවුරුදු 21, 22 සහ 23 යන වයස්වල පසුවන කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව්දෙනෙකු මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ .

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග! 

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා ධවල...

රාජු සලකුණ ….

කෑගල්ලෙන් බිහිවෙච්ච සංගීතවේදීන් අතරින් සුවිශේෂ ගායකයෙක් සහ වාදකයෙක් වෙච්ච...

අද (16) දවසේ කාලගුණ අනාවැකිය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 16) දිනයේදී දිවයිනේ බොහෝ...

අධ්‍යාපනය එක්ක සෙල්ලම් කරන්න කාටවත් අයිතියක් නෑ. එතන පැහැදිලි වැරැද්දක් වෙලා තියෙනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී 6 ශ්‍රේණියට අදාළ මොඩියුල...