ලිහිණිය එස්එස්සී කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන පියාඹයි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 08, කොළඹ LNW:

ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ක්‍රීඩිකාවක වන ලිහිණි අප්සරා තමන් තවමත් දක්ෂතා අතර සිටින බවට ඉඟි කරන ඉණිමක් දියත් කරමින් මුල්පෙලේ ක්‍රීඩා සමාජ අතර පැවත්වෙන සීමිත පන්දුවාර තරගාවලියේ තරගයකදී සීසීසී කණ්ඩායමට එරෙහිව ලකුණු 127 ක් නොදැවී රැස් කරන්නට සමත් වූවාය.අවසාන වරට 2019 දී ජාතික කණ්ඩායමට ක්‍රීඩා කර ඇති ලිහිණි එස්එස්සී ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකාරිිණිය ලෙස පිටියට පිවිස රැස් කළ මෙම ශතකය නිසා පන්දු ඕවර් 50 නිමාවේ එස්එස්සී ලකුණු පූවරුව කඩුලු 3 ට ලකුණු 328 ක් සේ දැක්විණ.
පන්දු 48 න් නොදැවී රැස් කළ ලකුණු 74 ක ඉණිමක් සමඟ ලිිහිණිට සිව්වන කඩුල්ල සඳහා ලකුණු 139 ක් නොබිඳි සබඳතාවයක් පවත්වන්නට දායක වූ අමා කාංචනා ද මෙම ලකුණු 328 ලකණු පූවරුවට දුන් දායකත්වය සුළු එකක් නොවේය.එම නිසා එස්එස්සි කණ්ඩායමට ජයග්‍රහණයේ සතුට සමීප වූයේ ලකුණු 181 ක ජයක් ලෙසය.ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ සීසීසී කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 147 ක් පමණි.


චිලව් මේරියනස් කණ්ඩායමට නායකත්වය දෙන චමරි අතපත්තු මේ තරගාවලියේ ලකුණු අතර සිටින බව යළිත් සනාත කරමින් කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව චිලව් මේරියනස් කණ්ඩායමට කඩුලු 10 ක් ජයක් ලබා දෙන්න මුල් වුණාය.කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 126 ට සීමා කරන්නට මුල් වූ ක්‍රීඩිකාව වූවේද චමරි ය.ඇය ලකුණු 16 ට කඩුලු 4 ක් දවා ගත්තාය.චමරිගෙන් පසු පරම්පරාවේ ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට වටිනා ක්‍රීඩිකාවක වන දෙව්මි විහංගා මෙම තරගාවලියේ චිලව් කණ්ඩායමම නියෝජනය කිරීමද වැදගත්ය.ඇය චමරිට සහය වෙමින් ලකුණු 25 කෙඩුලු 2 ක් දවා ගත්තාය.


ලකුණු 126 කිසිවෙකු නොදැවී ලබා ගන්නට චලව් කණ්ඩායම වෙනුවෙන් කැප වූ චමරි පන්දු 67 දී ලකුණු 65 ක් ලැබුවාය.ඇයට අනගි සහයක් දෙමින් සංජනා කාවින්දි පන්දු 78 දී ලකුණු 53 ක් ලබා නොදැවී උන්නාය.
නාවික හමුදාව සිය අපරාජික බව රැක ගත්තේ දක්ෂ ක්‍රීඩිකාවන් රැසක් සිටින යුද හමුදා කණ්ඩායමට සිය දෙවන පරාජය අත් කර දෙමින්ය.යුද හමුදා කණ්ඩායම ලකුණු 59 ට සීමා කරන්නට මුල් වූ නාවික හමුදා ක්‍රීඩිකාව වූ උදේශිකා ප්‍රබෝධනී ලකුණු 20 ට කඩුලු 4 ක් දවා ගත්තාය.සත්‍යා සංදීපනී ඉදිරියේ ලකුණු 5 ට කඩුලු 3 ක් සටහන් විය.නාවික හමුදා නායිකාව ප්‍රතිවාදීන් තුළ උදේශිකා ඇති කළ පීඩනය අඛණ්ඩව පවත්වාගෙන යමින් ඇය දිගින් දිගටම පන්දු යැවීමට යොදා ගැනීම ද මෙහිදී කැපී පෙණින.


එහෙත් යුද හමුදාව ලබා ගත් ලකුණු 59 ට පහසුවෙන් ළඟා වන්නට එම කීඩිකාවෝ ඉඩ ලබා නොඳුන්හ.හසිනි පෙරේරාගේ කඩුල්ල එක ලකුණක් ලබාගෙන සිටියදී උඳුරා ගැනීමෙන් යුද හමුදා ක්‍රීඩිකාවන් තරගයට අවතීර්ණ වන්නට විය.එහිදී හර්ෂිතා සමරවික්‍රම නිලක්ෂණා සඳමිණි ද මෙහෙයවමින් දෙවන කඩුල්ලට ලකුණු 38 ක් එක් කරන්නට සමත් වූවාය.නිලක්ෂණා ලකුණු 22 ට දැවී ගියාය.හර්ෂිතා ලකුණු 24 ට සිව්වන කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු පූවරුව 49 ක් විය.ඇයගෙන් පසුවද තවත් කඩුල්ලක් නාවික හමුදාවෙන් උඳුරා ගන්නට යුද හමාදාව සමත් විය.ඒ අනුව නාවික හමුදා ලකුණු පවූරුව ලකුණු 61 වෙද්දී ඔවුන්ට කඩුලු පහක් අහිමිව කඩුලු 5 ක ජයක් හිමි විය.


අපරාජිත ගුවන් හමුාදාව ද බදුරලිය හමුවේ ලකුණු 104 ට සීමා විය.මීට පෙර තරගයේදී කඩුලු 7 ක් දවා ගනිමින් කැපී පෙණුන හිරුණිකා නිවර්තනී මේ තරගයේදී ද දැඩි පීඩනයක් ඇති කරන්නට සමත් වූවාය.ඇය පන්දු ඕවර් 9 ක් නිමා කරමින් ලකුණු 17 ක් පමණක් ලබා දී කඩුල්ලක් දවා ගෙන තිබිණ.බදුරලිය කණ්ඩායමේ හොඳම පන්දු යැවීම උමයංගනා පීරිස්ගේ ලකුණු 22 කඩුලු 3 ක් විය. ගුවන් හමුදා පිළෙන් වාර්තා වූ වැඩිම ලකුණු සහිත ඉණිම නොදැවී 21 ක් විය.එය අංක 9 පිතිකරු පීඩනයට එරෙහිව පීඩනය ඇති කරමින් පන්දු 22 දී රැස් කළාය.


ගුවන් හසුාදව පිතිකරණයේදී වූ වරද නිවැරදි කර ගැනීමට සිය පන්දු යැවිමේ බල ඇණියේ ප්‍රබලත්වය පාදක කර ගැනීමට සමත් විය.ජාික කණ්ඩායම නියෝජනය කරන මල්කි මදාරා,ඉනෝෂි ප්‍රනාන්දු සහ මල්ෂා ෂෙහානි ඉදිරියේ සිය ආධුනික බව ද නිසා බදුරලිය පිතිකාරීණියන් නොසන්සුන් විය.ඒ තත්ත්වය මත ඔවුන්ගේ කඩුලු 3 ක් ම අහිමි වූයේ දුවද්දි දැවී යාමෙන්ය.
ම්ල්කි මදාරා 8 3 14 2, ඉනෝෂි ප්‍රනාන්දු 10 5 16 1 සහ මල්ෂා ෂෙහානි 5.1 3 3 2 ලෙස ඇති කළ පීඩනය ඉදිරියේ යම් තරමක හෝ සාර්ථකත්වයක් පෙන් වූ රශ්මි නේත්‍රාංජලී ලකුණු 19 ක් රැස් කළාය.

තවත් පන්දු යවන්නියන්ගේ අණසකට යටත් වූ තරගයක් වූ ඒස් කැපිටල් සහ පානදුර තරගයේදී පානදුර කණ්ඩායම කඩුලු 3 ක් ජයක් ලද්දේ නායිකා පියුමි වත්සලා විසින් ගොඩ නඟන ලද ලකුණු 33 හේතුවෙන්ය.ලකුණු 97 ට දැවී ගිය ඒස් කැපිටල් කණ්ඩායමට එරෙහිව එම ලකුණු ප්‍රමාණය ලබා ගන්නට පානදුරට කඩුලු 7 ක් ම වැය විය.විමෝක්ෂා බාලසූරිය සමඟ එක්ව ලකුණු 15 ට කඩුලු 3 ක් අහිමිව තිබූ පානදුර ලකුණු පූවරුව විමොක්ෂා දැවී යන විට ලකුණු 44 ක් කරන්න දායක වූ පියුමි,හයවන කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු පූවරුව 77 ක් වි තිබිණ.හත්වන කඩුල්ල අහිමි වූයේ ලකුණු 86 දී ය.ජනදි අනාලි ලකුණු 33 ට කඩුලු 3 ක් දවා ගත්තාය.


ඒස් කැපිටල් කණ්ඩායම ලකුණු 33 සීමා කරන්නට ප්‍රධාන වශයෙන් බලපෑවේ රිෂ්මි සංජනා ලකුණු 14 ට කඩුලු 3 ක් දවා ගැනීම සහ ප්‍රමුදි මෙත්සරා ලකුණු 16 ටකඩුලු 3 ක් දවා ගැනීමය.ඒස් කැපිටල් කණ්ඩායමේ නායිකා හසිනි ඉන්ද්‍රජිත් (29),යෙනුලි සත්නදී (18) සහ මල්ෂා මධුෂානි (18) හැරෙන්නට වෙනත් කිසිඳු ක්‍රීඩිකාවකට ඉලක්කම් දෙකේ සංඛ්‍යාවකින් තම දායකත්වය ලබා දෙන්නට නොහැකි වූවාය.ඒ අතරින් බිංදුවට දැවී යාම්ම හතරක් විය.සුගන්ඡිකා පතිරණ ලකුණු 9 ක් ලැබීම හැරෙන්නට අන් සියල්ලන්ම ලැබුවේ ලකුණු 5 ට අඩුවෙන්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 අ.පො.ස. උසස් පෙළ විභාගය ගැන දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 08 කොළඹ LNW : 2025 අ.පො.ස. උසස්...

යළිත් කඩා වැටුණු කණ්ඩලමේ හැඩකාරයාට සිංහල බෙහෙත් ප්‍රතිකාර අරඹයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 08, කොළඹ LNW: කණ්ඩලම ජලාශයේ මාස හතරකට...

මලල ක්‍රීඩා පුහුණුකරුවන්ට තායිලන්තයේ පාඨමාලාවක්

නිශ්මං රණසිංහ අගෝස්තු 08, කොළඹ LNW: සැප්තැම්බර් 08 – 13 දක්වා...