තුන්වේල කන්න දෙන බවට පොරොන්දු වී ආ රනිල් දැන් කියන කතාව (VIDEO)

Date:

රටේ ආර්ථිකය බිඳවැටීමේ තත්වයක් දීර්ඝ කාලීනව පැවතුණහොත් ජනතාවට තුන්වේල ආහාර ගැනීමට නොහැකි තත්වයක් උදාවෙනු ඇති බවත් ඔවුන්ට වේල් දෙකකින් පිරිමසා ගැනීමට සිදුවනු ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“නරකම තත්වය එන්න තියෙන්නේ ඉස්සරහටයි. ඔබ දන්නවා, දැනට පවතින තත්වය අනුව සැප්තැම්බර් – ඔක්තෝබර් කාලය දක්වා පමණයි අපට ආහාර සැපයුම පවත්වා ගන්න පුළුවන්. ප්‍රමාණවත් පරිදි පොහොර නොලැබීමෙන් පසුගිය යල කන්නයට සහ මහ කන්නයට බාධා වුණා. එළඹෙන මහ කන්නය දක්වා ප්‍රමාණවත් පොහොර ලැබුණොත් ලබන වසරේ පෙබරවාරි දක්වා අපට අර්බුදකාරී තත්වයක් මතුවෙන්නේ නැහැ. රටේ ආර්ථිකය බිඳ වැටෙනවා කියන්නෙ රට තුළ විශාල වශයෙන් රැකියා අහිමිවෙනවා. ව්‍යවසායකයින් කඩාවැටෙනවා. මෙවැනි තත්වයක් දීර්ඝ කාලීනව පැවතුණොත් රටේ ජනතාවට තුන්වේල කන්න බැරි තත්වයක් උදාවෙනවා. ඔවුන්ට වේල් දෙකකින් පිරිමසාගැනීමට වේවි. අපට අවශ්‍ය වන්නේ රට තුළ කුසගින්න තුරන් කිරීමටයි. ඒ සඳහා බාහිර පාර්ශ්වයන්ගෙන් අපට ඩොලර් බිලියන කිහිපයක අවශ්‍යතාවයක් තියෙනවා. එම මුදල් නොලැබුණොත් රටේ පැවැත්මක් නැතිවෙනවා”

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පෙරේදා (03) පැවති වෘත්තීයවේදීන්ගේ හමුවක් අමතමිනි.

වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ රටේ ජනතාවට තුන්වේල ආහාර ගැනීමට අවස්ථාව සලසන බවට පොරොන්දු වෙමිනි. නමුත් මේ වනවිට ඒ මහතාගේම ප්‍රකාශ අනුව ඒ තත්වයත් හෙළත්තාඩු වෙමින් පවතින බවක් පෙනේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...