විශ්මිගෙන් විශ්මිත පිතිහරඹයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 10, කොළඹ LNW:

කාන්තා මුල් පෙලේ ක්‍රීඩා සමාජ අතර පැවත්වෙන සීමිත පන්දුවාර තරගාවලියේදී විශ්මි ගුණරත්න විශ්මිත පිතිහරඹයක නියැලෙමින් ලකුණු 166 ක් රැස් කරන්නට සමත් වුණා.විශේෂත්වය වන්නේ සීසීසී ක්‍රීඩා සමාජය රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 217 න් විශ්මි ලකුණු 166 ක් ම ලබා ගැනීමයි.ආරම්භක පිතිකාරිණිය ලෙස පිටියට පිවිස නවවන කඩුල්ල ලෙස දැවී යන විට ඇය පන්දු 152 ට මුහුණ දී තිබුණා.


මේ නිසා කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 173 ට සීමා කරමින් සීසීසී කණ්ඩායමට ලකුණු 44 ක ජයක් ලබන්නට හැකි වුණා.නෙත්මි උපේක්ෂා (41),ශයනි සේනාරත්න (31) සහ හරිනි පෙරේරා (34) කොල්ට්ස් කණ්ඩායම ලකුණු අතරට ගෙන එන්න උත්සාහ කළ ද එය සාර්ථක වුණේ නැහැ.විශේෂයේ මල්කි නිරාශා ලකුණු 23 ට කඩුලු 3 ප්‍රමුඛ පන්දු යවන්නියන් විසින් පාලනයට හසු කර ගැනීම නිසා කෝල්ට්ස් කණ්ඩායමට අවශ්‍යය ඉලක්කයට යාමට නොහැකි වුණා.


විශ්මි ලැබූ මෙම ලකුණු 166 නිසා ඇය තරගාවලියේ වැඩිම ලකුණු එකතුව හිමි ක්‍රීඩිකාව ලෙස ඉදිරියට පැමිණියා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...