සාර්ථකව අවසන්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LNW :

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කිසිදු බාධාවකින් තොරව පැවැත්වුණු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පෙරවරු 09:30ට විභාග මධ්‍යස්ථාන 2,787කදී නියමිත වේලාවට විභාගය ආරම්භ වූ බවද සඳහන් වේ

මහරගම අපේක්ෂා රෝහලේ ද විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබුණ අතර, පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවන් සිව් දෙනෙක් වෙනුවෙන් එලෙස විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ බවයි , විභාග කොමසාරිස් ජනරාල් ඒ කේ එම් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවේ.

එහෙත් විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි පිරිමි දරුවාගේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමට මහරගම අපේක්ෂා රොහලේ වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණ අතර, ඒ අනුව වහා ක්‍රියාත්මක වූ විභාග දෙපාර්තමේන්තුව එම දරුවා වෙනුවෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබූ බව පැවසේ. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් එම දරුවා විභාගයට පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ගැහැණු දරුවන් සිව් දෙනා ද අපේක්ෂා රෝහලේ සිට විභාගයට පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් දිවයිනේ ස්ථාන කිහිපයක විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබූ බවද පැවසේ.

මේ අතර අද දිනයේ පවත්වනු ලැබූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත නිකුත් කිරීමට අපේක්‍ෂාවෙන් සිටින බව විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල නියෝජ්‍ය විභාග කොමසාරිස් අසංක ජයතිලක මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): විලාසිතා ලොවේ අති උත්කර්ෂවත්...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...