පාපන්දුවෙන් ලොවක් හඳුනන රොනාල්ඩෝ ගෙන් ජෝර්ජිනාට දියමන්ති මුදුවක්!

Date:

සටහන – පුලී

අගෝස්තු 12, කොළඹ (LNW): පාපන්දු ලෝකයේ සුපිරි තරුව වන රොනාල්ඩෝ සහ ඔහුගේ දිගුකාලීන සහකාරිය වන Georgina Rodríguez විවාහ ගිවිසගෙන ඇති බව වාර්තා වීම ගෝලීය වශයෙන් උඩු දුවන පුවතක්ව දැන් හමාරය.

Rodríguez සිය ඉන්ස්ටග්‍රෑමයෙහි සටහනකින් මෙම පුවත නිවේදනය කළ අතර එයට ඇගේ අත රැඳි නව දියමන්ති මුද්දෙහි පින්තූරයක් ද ඇතුළත් විය.

ඇය “Yes I do. In this life and all my lives.” එහි මෙලෙස සටහන් කර තිබිණි.

පෘතුගාල පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝට මුළු දරුවන් පස් දෙනෙක් සිටින අතර, ඔවුන්ගෙන් දෙදෙනෙක් ඔහු සහ Rodríguez ගේ වේ. ඔවුන්ගේ බාල දියණිය බෙලා 2022 අප්‍රේල් මාසයේදී උපත ලැබූ අතර, ඒ සමඟම මිය ගිය පිරිමි ළමයෙකු ද විය.Rodríguez රොනාල්ඩෝගේ අනෙක් දරුවන් තිදෙනා ඇති දැඩි කිරීමට ද සහයෝගය ලබා දුනි.

ඇයගේම නෙට්ෆ්ලික්ස් රියැලිටි වැඩසටහනක් වන අයි ඇම් ජෝර්ජිනා හි සිටි 31 හැවිරිදි ඇය මීට පෙර ඇගේ විවාහ ගිවිස ගැනීමේ තත්ත්වය පිළිබඳව කතා කළාය. වැඩසටහනේදී, ඇය පැවසුවේ ඇගේ මිතුරන් “විවාහය ගැන සැමවිටම විහිළු කරන” බවයි.

ඔන්න දැන් ඇයටත් වසන්තය එළැඹ ඇතැයි කියා අපි පවසමු!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...

” මූල්‍ය ණය සහන ප්‍රදානය “ලෙසින් ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය...

ශම්මිගේ ක්‍රිකට් ගැන අදහසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW: ආසියාවේ විස්සයි විස්ස සූරියන්...

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...