හර්ෂිතාගේ දෙවන ශතකයත් සමඟ පිතිකාරීනියන් අතර යළිත් මුල් තැන – ප්‍රබල යුද හමුදාවට පානදුරෙන් ප්‍රහාරයක්

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW:

ක්‍රියාත්මක වෙමින් පවතින ශ්‍රී ලංකා පළමු පෙළ කාන්තා සීමිත පන්දුවාර තරගාවලියේ පිතිකාරිණියන් අතර නැවතත් පෙරමුණ ට පැමිණි ශ්‍රී ලංකා නාවික හමුදාවේ හර්ෂිතා සමරවික්‍රම සිය දෙවන ශතකය රැස් කරන්නට සමත් විය.කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ඇය ලබා ගත් ලකුණු 112 නිසා නාවික හමුදා කණ්ඩායමට සිය පන්දුවාර 50 නිමාවේ කඩුලු 4 ට ලකුණු 254 ක් රැස් කරන්නට අවස්ථාව ලැබුණු අතර ලකුණු 41 ට ප්‍රතිවාදී කෝල්ට්ස් කණ්ඩායම දවාලමින් ලකුණු 194 ක ජයක් ලබන්නට ද හැකි විය.


මේ අතර ප්‍රබල යුද හමුදා කණ්ඩායමට මේ තරගාවලියේ දෙවන පරාජය අත් කර දෙන්නට පානදුර කණ්ඩායම සමත් වුණා.පානදුර කණ්ඩායම ලකුණු 90 ට දැවී ගියත් පානදුර කණ්ඩායමේ යසන්ති හේරත් (19/3) සහ රිෂ්මි සංජනා (6/3) විසින් කරන ලද දක්ෂ පන්දු යැවීම ඉදරියේ යුද හමුදා කණ්ඩායම ලකුණු 77 ට සීමා කරමින් යුද හමුදාවට ලකුණු 12 ක අනපේක්ෂිත පරාජයක් අත් කර දෙන්නට පානදුරු ක්‍රීඩිකාවන්ට හැකි වුණා.


මේ අතර කොළඹ සීසීසී කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් ලබන්නට චිලව් මේරියන්ස් කණ්ඩායමට හැකි වුණා.බදුරලිය කණ්ඩායම ලකුණු 23 ක් ජයක් ලබා ගත්තේ කොළඹ එස්එස්එස්සී කණ්ඩායමට එරෙහිවයි.එහිදි නැවතත් බදුරලිය ජයග්‍රහණයට මඟ පෙන්වූ හිරුනිකා නිවර්තනී ලකුණු 23 ට කඩුලු 4 ක් දවා ගනිමින් තරගාවලියේ පන්දු යවන්නියන් අතර කඩුලු ලබා ගැනීමෙන් ලබා ඇති පළමු තැන රැක ගන්නට සමත් වුණා.


ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ ඒස් කැපිටල් අතර තරගයද පන්දු යවන්නියන් කැපී පෙණුන තරගයක් වූ අතර ගුවන් හමුදාව ලකුණු 87 ට දැවී ගියත් ප්‍රතිවාදී ඒස් කැපිටල් කණ්ඩායම ලකුණු 40 ට දවාලමින් ලකුණු 47 ක් ජයක් ලබන්නට ගුවන් හමුදා කණ්ඩායම සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...

ඉරානයේ තවත් උත්සාහයක් ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...