නව පොලිස්පති ගැන ඉඟියක්..?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW:

අද (12)දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, අද පස්වරු 02.00ට එම රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එහිදී නව පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව තීරණයක් ගැනීමට නියමිත අතර, දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු නව පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර ඇති බවද වාර්තා වේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ, ඒ අනුව ප්‍රියන්ත වීරසූරිය මහතා නව පොලිස්පතිවරයා වශයෙන් ව්‍යවස්ථාදායක සභාව විසින් පත් කිරීමට නියමිත බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...