ජනාධිපති ට්‍රම්ප් එක්සත් ජනපද අගනුවර ‘අපරාධ හදිසි අවස්ථාවක්’ ප්‍රකාශයට පත් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද අගනුවර වොෂින්ටන් ඩීසී හි “අපරාධ හදිසි අවස්ථාවක්” ප්‍රකාශයට පත් කරමින් ප්‍රාදේශීය නීතිය ක්‍රියාත්මක කිරීමේ පාලනය භාර ගැනීමට එක්සත් ජනපද ජාතික ආරක්ෂක හමුදා යොදවන බවට ප්‍රකාශ කර තිබේ.

ලක්ෂ 700,000කට අධික පිරිසක් වෙසෙන වොෂින්ටනය එක්සත් ජනපදයේ ප්‍රථම කළු ජාතික බහුතර නගරය ලෙස හඳුන්වන අතර බොහෝ දෙනෙකු මෙම විධායක නියෝගයට එරෙහිව විදි බැස සිය අප්‍රසාදය පල කරමින් ඇත.

මේ සම්බන්ධයෙන් ධවල මන්දිරයේ සිට වාර්තා කරුවන් අමතමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, මෙය කල්ලි, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ ජාලයන් වීදියෙන් ඉවත් කිරීම හා නිවාස අහිමි පුද්ගලයන් ඉවත් කිරීම ඉලක්ක කරගත් දැවැන්ත බලාත්මක කිරීමේ මෙහෙයුමක් වශයෙනි.

ඩීසී අපරාධ අනුපාත සාමාන්‍යයෙන් ජාතික සාමාන්‍යයට වඩා ඉහළ මට්ටමක පැවතුනද, පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 2023 සිට 2024 දක්වා සියයට 35 කින් සහ මේ වසරේ තවත් සියයට 26 කින් පහත වැටී ඇති අතර මෙම වසර මුලදී, අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඩීසී හි ප්‍රචණ්ඩකාරී අපරාධ වසර 30 කට පසු අවම මට්ටමකට පැමිණ ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...